පෘථිවියේ ජීවය බිහිවූ ආකාරය පිළිබඳ වසර බිලියන 1.75ක් ඉපැරැණි අබිරහස විද්‍යාඥයන් විසින් දැන් විසඳා ඇත. රහස සැඟවී තිබුණේ ඉතා කුඩා පොසිල ගොන්නකය.
Nature, සඟරාවට ලියූ පර් යේෂකයන් කණ්ඩායමක් කියා සිටින්නේ උතුරු ඔස්ට්‍රේලියාවේ කාන්තාරයෙන් හමුවූ ක්ෂුද්‍ර පොසිල මගින් ප්‍රභාසංශ්ලේෂණයේ පැරැණිතම සලකුණු පෙන්නුම් කරන බවයි. මෙම ක්ෂුද්‍ර පොසිල සයනොබැක්ටීරියා නම් ජීවී විශේෂයක නටබුන් වන අතර, විශේෂඥයන් විශ්වාස කරන පරිදි වසර බිලියන 3.5ක් තරම් දීර්ඝ කාලයක් පැවතී ඇත. ලොව මුල්ම ජීවය ආරම්භ වූයේ කෙසේද යන්න පිළිබඳ වඩා හොඳ අවබෝධයක් එයින් ලැබෙන බව ඔවුහු පෙන්වා දෙති.