2024 ජනවාරි 06 වන සෙනසුරාදා

ජපානයට මාරක අපල 3ක්

 2024 ජනවාරි 06 වන සෙනසුරාදා, ප.ව. 02:00 70

ජපානය ගිය සතියේ මාරක අපල 3කට මුහුණ පෑවේය. ඒ භූ කම්පනයක්, සුනාමියක් සහ ගුවන් අනතුරක්ය. ජපන් ගුවන් සේවයට අයත් යානයක් ජපානයේ ටෝකියෝහි හනේඩා ගුවන් තොටුපළේදී තවත් ගුවන් යානයක ගැටීමෙන් හටගත් ගිනි ගැනීම් හේතුවෙන් පුද්ගලයින් 14 දෙනෙකු තුවාල ලබා ඇත. එහි සිටි සිය ගණනක් ඉවත් කර තිබුණි. හනේඩා යනු ජපානයේ කාර්යබහුලම ගුවන් තොටුපළවලින් එකක් වන අතර අලුත් අවුරුදු සංචාර හේතුවෙන් වැඩි පිරිසක් එහා මෙහා යන තැනකි.

වෙරළාරක්ෂක බලකායට අයත් ගුවන්යානය පසුගියදා භූ කම්පනයට ලක් වූ ඉෂිකාවා ප්‍රාන්තයේ අවතැන් වූවන්ට ආහාර ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ රැගෙන පියාසර කිරීමට සූදානම්ව තිබියදී ධාවන පථයට ගොඩ බෑ මගී ගුවන් යානය එහි ගැටී ඇත. අනතුරට පත් එයාර්බස් A350 යානය ගොඩබෑමෙන් පසු කුඩා ගුවන් යානයේ ගැටී ධාවන පථයෙන් පහළට ලිස්සා ගියේය. පසුව ජපන් එයාර්ලයින්ස් (JAL) යානයේ සිටි මගීන් 379 දෙනා ආරක්ෂිතව ඉවත් කර ඇත.

මෙම අනතුර 2015 වසරේ සිට ධාවනයේ යෙදෙන ද්විත්ව එන්ජින් සහිත එයාර්බස් A350 යානා සම්බන්ධ පළමු වැදගත් අනතුරයි. අනතුරෙන් පසු හනේඩා ගුවන් තොටුපළ වසා දැමූ නමුත් පසුව ධාවන පථ තුනක් විවෘත කරන ලදී. සමහර ගුවන් සමාගම් එහි ප්‍රතිඵලයක් ලෙස ප්‍රමාදයන් සහ අවලංගු කිරීම් වාර්තා කළේය.

 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00