තායිවානයේ 'ධර්ම බෑන්ඩ්', බෞද්ධ සූත්‍ර ගයන ලොව පළමු සංගීත කණ්ඩායමයි. බොහෝවිට සංස්කෘත හෝ මැන්ඩරින් චීන භාෂාවෙන් ප්‍රකාශිත පැරණි බෞද්ධ සූත්‍ර සමකාලීන ජනකාන්ත ලෝහ බෙර සංගීතය සමග ඒකාබද්ධ කර ගයන මෙම සංගීත කණ්ඩායම බෞද්ධ කන්‍යා සොහොයුරියන් දෙදෙනෙකු වන මාස්ටර් සොන්ග් සහ මාස්ටර් මියාඕ-බෙන් විසින් නිර්මාණය කර ඇත.
2018දී ඔවුන්ගේ ආරම්භයේ සිට, ඔවුන් සිය සුවිශේෂී ශෛලිය සමඟ ලොවපුරා වෙනත් දහස් ගණනක් බර ලෝහ සංගීත කණ්ඩායම්වලින් කැපී පෙනෙන අතර, ඔවුන් මේ වනවිට ඉමහත් ප්‍රසිද්ධියක්ද ලබා ඇත. පසුගිය මාසයේ මෙම සංගීත කණ්ඩායම සිය පළමු විදේශීය සංදර්ශනය කේරළයේ ජාත්‍යන්තර ඉන්ඩි සංගීත උළෙලේදී පැවැත්වූහ. උතුරු ඇමරිකාවෙන් සහ යුරෝපයෙන්ද මේ වනවිට ආරාධනා ලැබ ඇති මෙම සංගීත කණ්ඩායම බුදුන්ගේ පණිවිඩය තවදුරටත් සංගීතය ඔස්සේ ඉදිරියට ගෙන ඒමට සූදානම්ව සිටිති.