2023 දෙසැම්බර් 30 වන සෙනසුරාදා

කැමිලා රැජනගේ අමුතු අමුත්තිය

 2023 දෙසැම්බර් 30 වන සෙනසුරාදා, ප.ව. 02:00 16

බ්‍රිතාන්‍යයේ කැමිලා රැජන මේ වර නත්තල සඳහා අමුතු අමුත්තියකට ආරාධනා කර තිබුණි. ඒ හත්හැවිරිදි ඔලිවියා ටේලර් නමැති දැරිවියයි. ඇය රැජන සමඟ වින්ඩ්සර් කාසල් මාලිගයේදී සවස තේ සංග්‍රහයකට එක්ව ඇති අපූරුව පසුගිය සතියේ විදෙස් මාධ්‍ය ඉහළින්ම වාර්තා කළ පුවතක් විය.

කැමිලා රැජන හමුවට ආ මෙම නත්තල් අමුත්තාගේ විශේෂත්වය වූයේ ඇය සිය ජීවිතයේ වැඩි කාලයක් රසායනික චිකිත්සා ප්‍රතිකාර සඳහා ගත කළ මොළයේ ගෙඩියක් හේතුවෙන් අන්ධභාවයට පත්ව සිටි ගැහැණු දරුවෙක් වීමය. කලින් පටිගත කරන ලද රාජකීය නත්තල් කැරොල් වැඩසටහනකට බකිංහැම් මාලිගයේ ගායනා කණ්ඩායමක් සමඟ ඔලිවියා ගී ගායනා කළ බව කැමිලා රැජන දැනගත් පසු දැරියට මේ සුන්දර ආරාධනාව සිදුකර තිබුණි.

කුඩා ඔලිවියා මෙහිදී රැජින වෙනුවෙන් නත්තල් ගීතයක්ද ගායනා කළාය. මෙම හමුවේදී ඔලිවියා පැවසුවේ “රැජන හමුවීමට තමා ඉතා ආසාවෙන් සිටි” බවයි. ඔලිවියා සමඟ සිව් හැවිරිදි ඇගේ බාල සොහොයුරිය මෙන්ම ඇයගේ පියා සහ මවද මේ සඳහා පැමිණ සිටි අතර රැජනගෙන් තෑගි රාශියක්ද ඔවුන්ට හිමි විය. එසේම මේ දරුවන්ට මාලිගාවේ කොටස් ගවේෂණය කිරීමට අද්විතීය අවස්ථාවක්ද රැජින ලබා දුන්නේය. එහිදී නත්තල් ගසක්, පහන් කූඩුවක වීදුරු කොටස්, රාජාභිෂේක භාණ්ඩවල අනුරෑ ස්පර්ශ කිරීමටද කුඩා ඔලිවියාට අවස්ථාව ලැබුණි.

 2025 මැයි 24 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මැයි 24 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මැයි 31 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මැයි 31 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මැයි 31 වන සෙනසුරාදා, ප.ව. 02:00