2023 දෙසැම්බර් 23 වන සෙනසුරාදා

පුලිට්සර් දිනූ කතුවරුන්ගෙන් AI ට නඩු!

 2023 දෙසැම්බර් 23 වන සෙනසුරාදා, ප.ව. 02:00 65

පුලිට්සර් ත්‍යාගලාභී කතුවරුන් තිදෙනෙක්ද ඇතුළුව ප්‍රබන්ධ නොවන කතුවරුන් 11 දෙනකුගෙන් යුත් ලේඛකයන් කණ්ඩායමක් OpenAI සහ Microsoft සමාගම් ඒවායේ AI කෘත්‍රිම බුද්ධිය පදනම් වූ මෘදුකාංග මගින් තමන් විසින් ලියන ලද පොත් අවභාවිත කළ බවට චෝදනා කරමින් මෑන්හැටන් ෆෙඩරල් උසාවියේ නඩුවක් පවරා ඇත.

මෙම වසරේ ජනප්‍රිය චිත්‍රපටයක් වන "Oppenheimer” ලෙස අනුවර්තනය කරන ලද, J. Robert Oppenheimer ගේ චරිතාපදානය වන “American Prometheus” සම-රචනය කළ Pulitzer ත්‍යාගලාභීන් වන Taylor Branch, Stacy Schiff සහ Kai Bird ඇතුළු ලේඛකයන් අඟහරුවාදා උසාවියට පැවසුවේ ඉහත සමාගම් ඒවායේ ජනප්‍රිය chatbot, ChatGPT සහ අනෙකුත් කෘත්‍රිම බුද්ධිය මත පදනම් වූ මෘදුකාංග පිටුපස ඇති විශාල භාෂා ආකෘති පුහුණු කිරීම සඳහා ඔවුන්ගේ නිර්මාණ කාර්යයන් අනිසි ලෙස භාවිත කරමින් ඔවුන්ගේ ප්‍රකාශන හිමිකම් උල්ලංඝනය කර ඇති බවටය.

හොලිවුඩ් ලේඛකයකු වන ජූලියන් සැන්ක්ටන් ප්‍රථම වරට මේ චෝදනා පසුගිය මාසයේ ගොනු කර තිබුණි. මෙය ද මෙම තාක්ෂණික සමාගම්වලට එරෙහිව John Grisham, George R.R. Martin සහ Jonathan Franzen යන කතුවරුන් ඇතුළු ප්‍රකාශන හිමිකරුවන්ගේ කණ්ඩායම් විසින් ගෙන එන ලද නඩු කිහිපයෙන් එකකි. කතුවරුන්ගේ කාර්යය අනිසි ලෙස භාවිත කිරීම සම්බන්ධයෙන් වූ මෙම චෝදනා ගැන OpenAI සහ Microsoft නියෝජිතයන් වහාම ප්‍රතිචාර දක්වා තිබුණේ නැත.