වසර 13කට පසු චීනයට බලපෑ දරුණුම භූ කම්පනයක් හේතුවෙන් ජීවිත 150කට ආසන්න සංඛ්‍යාවක් පණපිටින් වැළලී ගිය අතර 1,000 කට ආසන්න පිරිසක් තුවාල ලැබූහ. ප්‍රාන්තයට දැඩි හානි සිදුවූ මේ භූ කම්පනයෙන් පුද්ගලයන් රුසක් අතුරුදන් වූ අතර ප්‍රධාන භූ කම්පනයෙන් පසු තවත් අතුරු භූ කම්පන 9ක් සිදු වී ඇත. ඒ ආසන්නයේ පිහිටි කිංහායි ප්‍රාන්තයේ ද පුද්ගලයන් 13 දෙනකු ජීවිතක්ෂයට පත්වී ඇති අතර, තවත් පුද්ගලයන් 182 දෙනක් තුවාල ලබා ඇත.
රිච්ටර් මාපකයේ 6.2ක අගයක් ගත් භූ කම්පනයෙන් චීනයේ බීජිං අගනුවරට කිලෝමීටර් 1,300ක් පමණ ඈතින් වයඹදිග චීනයේ ගන්සු සහ කිංහායි පළාත්වල මායිම අසල ජිෂිෂාන් ප්‍රාන්තයේ ඇතිවූ අතර නිවාස 150,000 කට වැඩි ප්‍රමාණයක් විනාශ වී හෝ හානි වී ඇත. සඳුදා මධ්‍යම රාත්‍රියේ සිදු වූ මෙම භූ කම්පනයෙන් විපතට පත්වූවන් බේරා ගැනීමට චීන යුද හමුදාව සහ පොලිසිය සමඟ එක්ව ආපදා කළමනාකරණ සේවකයන් 4,000කට වැඩි පිරිසක් -16C තරම් පහත් සීතල තත්ත්වයක් තුළ සුන්බුන් හාරමින් සිරවූවන් මුදා ගැනීමට කටයුත් කරමින් සිටිති.
වසර 2010 දී යූෂු ප්‍රාන්තයේ සිදුවූ භූ කම්පනයකින් පුද්ගලයන් 2,700ක් ජීවිතක්ෂයට පත් වී ඇති අතර, ඉන් අනතුරුව චීනයේ සිදුවූ දරුණුතම භූ කම්පනය මෙය බව ද වාර්තා වේ.