2023 දෙසැම්බර් 09 වන සෙනසුරාදා

චීන නියුමෝනියාවට යුරෝපයත් බයෙන්!

 2023 දෙසැම්බර් 09 වන සෙනසුරාදා, ප.ව. 02:00 36

චීනයේ ව්‍යාප්ත වෙමින් පවතින හඳුනා නොගත් නියුමෝනියා රෝගය මීට වසර තුනකට පෙර කොවිඩ් වසංගතයේ ආරම්භයට සහ එය ගෝලීය වශයෙන් ව්‍යාප්ත වූ ආකාරයට බෙහෙවින් සමාන බව කියන ලිතුවේනියා විශ්වවිද්‍යාලයේ වෛද්‍ය විශේෂඥවරියක වන වෙරෝනිකා මටුටේට් එය ඉක්මනින්ම යුරෝපයටත් පැතිරීමේ අවදානමක් ඇති බවට අනතුරු අඟවා තිබේ.

පුළුල් වශයෙන් ගෝලීය සංචාරක සම්බන්ධතා ඇති ලන්ඩන්, පැරිස්, ෆ්‍රුන්ක්ෆර්ට් සහ ඇම්ස්ටර්ඩෑම් වැනි යුරෝපයේ ප්‍රධාන නගර 4 එම රෝගයට ගොදුරුවීමේ අවස්ථාව ඉහළ බව ඇය පෙන්වා දී ඇත.