2023 දෙසැම්බර් 02 වන සෙනසුරාදා

චීනයේ අලුත්ම අද්භූත නියුමෝනියාව ඉන්දියාවත් කළඹයි!

 2023 දෙසැම්බර් 02 වන සෙනසුරාදා, ප.ව. 02:00 76

චීනයේ පැතිර යන අද්භූත නියුමෝනියාවක් හේතුවෙන් අසල්වැසි ඉන්දියාවේ ප්‍රාන්ත කිහිපයක් ද කැළඹී ගොස් තිබේ. චීනයේ උතුරු ප්‍රදේශයේ පාසල් පවා වසා දැමීමට බල කරමින් ළමුන් අතර අසාමාන්‍ය ලෙස ශ්වසන රෝග වැඩිවීමක් වාර්තා වී තිබේ.

ලෝක සෞඛ්‍ය සංවිධානය ඉකුත් සතියේ මේ හදිසි රෝග ව්‍යාප්තිය පිළිබඳ පූර්ණ විස්තර ලබා දෙන්නට චීනයට බලපෑම් කිරීමත් සමඟ එය දැන් ගෝලීය අවධානය දිනූ  ගැටලුවක් බවට පත්ව තිබේ.

ඉකුත් ඉරිදා, චීනයේ ජාතික සෞඛ්‍ය කොමිසමේ ප්‍රකාශක Mi Feng කියා සිටියේ මෙලෙස  ශ්වසන රෝග උග්‍ර ලෙස වැඩිවීමට රෝග කාරක වර්ග කිහිපයක් එකවර සංසරණය වීම බලපා ඇති බවයි. චීනයේ ශ්වසන රෝග වැඩිවීම හේතුවෙන් ඇතිවිය හැකි ඕනෑම හදිසි තත්ත්වයක් සඳහා ඉන්දියාවේ ප්‍රාන්ත රජයේ සහ මධ්‍යම රජයේ සෞඛ්‍ය අමාත්‍යවරු මේ වන විටද පෙර සූදානමින් යුතුව ක්‍රියාකාරීව සිටිති.

 2025 මැයි 24 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මැයි 24 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මැයි 31 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මැයි 31 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මැයි 31 වන සෙනසුරාදා, ප.ව. 02:00