2023 නොවැම්බර් 25 වන සෙනසුරාදා

හැඩි කළොත් දඩ! චීන ප්‍රාන්තයක ගෙදරටම ඇවිත් දඩ

 2023 නොවැම්බර් 25 වන සෙනසුරාදා, ප.ව. 02:00 146

චීනයේ ප්‍රාන්තයක අමුතුම පොලිසියක් ගැන වාර්තා වේ. මේ පොලිසියේ රාජකාරිය වන්නේ ගේ දොර හැඩි කරන මෙන්ම අපිළිවෙළට සහ අපිරිසුදුවට තබාගන්නා අය සොයා ගොස් දඩ ගැසීමය.

චීනයේ සිචුවාන් හි Puge ප්‍රාන්තයේ මේ අමුතුම පොලිසිය ක්‍රියාත්මකය. ප්‍රදේශයේ ජීවන තත්ත්වය ඉහළ නැංවීම සඳහා හඳුන්වා දී ඇති නව ප්‍රතිපත්ති යටතේ, පිරිසිදුකමේ නව ප්‍රමිතීන්ට අනුකූලව ජීවත් වීමට අපොහොසත් වන පුරවැසියන්ට නිවෙසට කඩා පනින පොලිසිය මගින් මේ දඩ නියම කෙරේ. "මිනිස් ජනාවාස පරිසරය සඳහා නව ගම්බද ප්‍රමිතීන්" නම් වූ ප්‍රතිපත්තියේ දැනට දඩවලට යටත් වන හැසිරීම් වර්ග 14ක් විස්තර කරයි.

මේ අනුව ගෙදර නිදන ඇඳ පිළිවෙළකට සාදා නොගන්නා හෝ පිඟන් සෝදන්නේ හෝ නැති පුද්ගලයන්ට පවා දඬුවම් කිරීමට පොලිසියට හැකිය. එලෙස ඇඳ සෑදීමට හෝ පිඟන් සේදීමට අපොහොසත් වීම සඳහා දඩය යුවාන් 10 (පවුම් 1.12) ලෙස නියම කර ඇත. පුරවැසියන් එක තැන වාඩිවී ආහාර නොගතහොත් 20-yuan (£ 2.24) දඩයක් ද අය කරනු ලැබේ. ඔවුන්ගේ දේපළෙහි ඕනෑම තැනක මකුළු දැල් තිබීම සඳහා යුවාන් පහක (56p) දඩයකි. මිනිසුන්ගේ ගෙවතුවල ඇති අපිරිසිදුකමේ හෝ මළ මූත්‍රවල කැලි කසළවල හෝ බරපතළකම අනුව දඩය යුවාන් තුන සිට 10 දක්වා (34p-£1.12) පරාසයක පවතී. නැවත නැවත වැරදි කරන්නන් සඳහා දඩ මුදල දෙගුණ කරන බව ප්‍රාන්ත රජය අවධාරණය කර ඇත. එහෙත් සිය ගෘහ ජීවිතයට පවා මෙතරම් ආක්‍රමණශීලී ලෙස අතපෙවීමට රජයට ඉඩ දිය යුතුදැයි පුරවැසියන් ප්‍රශ්න කිරීමට පටන්ගෙන ඇති හෙයින් එය රට පුරා දැඩි විවාදයක් ඇති කර තිබේ.

 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 20 වන සෙනසුරාදා, ප.ව. 02:00