2023 නොවැම්බර් 25 වන සෙනසුරාදා

හඳටත් එහා සිට ආ ලොව මුල්ම ලේසර් පණිවුඩය!

 2023 නොවැම්බර් 25 වන සෙනසුරාදා, ප.ව. 02:00 20

NASA හි Psyche අභ්‍යවකාශ යානය ලොව ප්‍රථම වරට සඳෙන් ඔබ්බේ සිට පෘථිවියට ලේසර් ඔස්සේ පණිවුඩයක් එවා ඇත. මේ අභ්‍යවකාශයේ ඈත දුරක සිට ආ මුල්ම ලේසර් පණිවුඩයයි. එය අභ්‍යවකාශ යානා සන්නිවේදනය ක්ෂේත්‍රයේ කැපීපෙනෙන පරිවර්තනයක් සිදු කළ ජයග්‍රාහී පියවරකි.

මේ ඉතිහාසගත පණිවුඩය දෘශ්‍ය සන්නිවේදනයේ (ඔප්ටිකල් කොමියුනිකේෂන්ස් (ඩීඑස්ඕසී)) දුරස්ථම නිරූපණය වන අතර පෘථිවියේ සිට චන්ද්‍රයාට වඩා 40 ගුණයක් දුරින් කිලෝමීටර මිලියන 16 (සැතපුම් මිලියන 10) පමණ දුරින් පිහිටි ස්ථානයක සිට කැලිෆෝනියාවේ කැල්ටෙක් ආයතනයට අයත් පැලෝමාර් නිරීක්ෂණාගාරයේ හේල් දුරේක්ෂය වෙත ලබා දෙන ලදී. මෙහිදී අධෝරක්ත ලේසර් කිරණ ඔස්සේ දුරේක්ෂය වෙත කේතනය කරන ලද පරීක්ෂණ දත්ත ලබා දුන්නේය.

 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00