රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් 2024 දී "නැවත මැතිවරණයක්" සඳහා ඉදිරිපත්වීමට සුදානම් වන බව ප්‍රකාශ කර තිබේ. ඔහු මෙවර ස්වාධීනව ඉදිරිපත් වීමට ඉඩ ඇති බව වාර්තා වේ. පුටින්, 2012 සිට එරට ජනාධිපති ලෙස කටයුතු කරයි. රුසියානු තරුණ පරපුර තුළ මෙන්ම වැඩිහිටි කණ්ඩායම් අතරද ඔහු තවමත් ජනප්‍රිය චරිතයකි. තරගයට පැමිණියහොත් ඔහු සියයට 90ක ඉහළ ප්‍රතිශතයකින් ජයගනු ඇති බවට දේශපාලන අනාවැකි පළව තිබේ.
රුසියානු පාර්ලිමේන්තුව දෙසැම්බර් මාසයේදී ජනාධිපතිවරණයක් පැවැත්විය යුතු බවට කරන ලද ඉල්ලීමත් සමඟ සිය ජනාධිපති ධූර අපේක්ෂකත්වය නිල වශයෙන් ඉදිරිපත් කිරීමට අදහස් කළ බව පුටින් ප්‍රකාශ කර තිබේ. මෙම වසර අගදී පුටින් සිය අපේක්ෂකත්වය ප්‍රකාශයට පත් කිරීමෙන් පසු ඔහුට සහාය දැක්වීම සඳහා "ආරම්භක මෙහෙයුම් කණ්ඩායම" පත් කරනු ඇත.
රටේ පාලක එක්සත් රුසියානු පක්ෂයේ සාමාජිකයකු ලෙස පුටින් 2012 දී තේරී පත්වූ අතර නැවත 2018 දී ඔහුගේ සාර්ථක තේරී පත්වීම සඳහා එම පක්ෂයෙන් ඉවත් විය. මෙවරද ඔහු ස්වාධීනව අපේක්ෂකත්වය ලබනු ඇත. කෙසේ වුවද ක්‍රෙම්ලිනය මෑත මාසවල මැතිවරණයක් පැවැත්වීමේ අදහස ප්‍රසිද්ධියේ ප්‍රතික්ෂේප කර තිබුණි.