2023 නොවැම්බර් 18 වන සෙනසුරාදා

හොංකොං ඇඳ මකුණු භීතිකාව

 2023 නොවැම්බර් 18 වන සෙනසුරාදා, ප.ව. 02:00 83

මේ වන විට හොංකොං වැසියන් ඇඳ මකුණු වසංගතයක් ගෝලීයව පැතිරී යාම පිළිබඳව පැතිර ඇති භීතිය නිසා මකුණුනාශක තොග පිටින් මිලදී ගැනීම අරඹා ඇත. දිවයින පුරා පොදු නාන කාමර, විශ්වවිද්‍යාල නේවාසිකාගාර සහ දුම්රිය ස්ථානවල දැඩි  අනතුරු ඇඟවීම් දක්වා ඇත. හොංකොං හි පළිබෝධ පාලන ද්‍රව්‍ය පිළිබඳ විමසීම් ද ඇඳ මකුණු බිය නිසා වැඩි වී තිබේ.

මෙය සිදුවන්නේ දකුණු කොරියාවේ මකුණන් ආසාදනය වීමේ සිද්ධීන් ඉහළ යන බව වාර්තා වීමත් සමඟිනි. මෙයට සමගාමීව ප්‍රංශය සහ එක්සත් රාජධානියේ ද ඇඳ මකුණු ආසාදන පිළිබඳ ඉහළ යන වාර්තා මධ්‍යයේ පසුගිය සතියේ, හොංකොං බලධාරීහු ගුවන් තොටුපළේ මගීන්ට ඇඳ මකුණන් ගැන අනතුරු ඇඟවීමේ පත්‍රිකා බෙදා හැරීම ඇරුඹූහ. මකුණන් ආසාදනයක් හේතුවෙන් පසුගිය මාසයේදී ඇතන්ස් හි හෝටලයක කොටසක් වසා දැමීමට සිදුවූ අතර ඒ සම්බන්ධයෙන් යුරෝපය පුරා මකුණන් රුගෙන යන බවට  දොස් පැවරුණේ ප්‍රංශ සංචාරකයන්ටය.

 2023 නොවැම්බර් 04 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2023 නොවැම්බර් 11 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2023 නොවැම්බර් 18 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2023 නොවැම්බර් 25 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2023 නොවැම්බර් 18 වන සෙනසුරාදා, ප.ව. 02:00