2023 නොවැම්බර් 18 වන සෙනසුරාදා

කොරියා කම්හලක රොබෝවෙක් මිනී මරයි!

 2023 නොවැම්බර් 18 වන සෙනසුරාදා, ප.ව. 02:00 52

දත්ත හඳුනා ගැනීමේදී ඇතිවූ යම් අපහසුතාවක් ‌හේතුවෙන් සේවකයෙක් රොබෝ කෙනකු අතින් ඝාතනය වීමේ පුවතක් දකුණු කොරියාවේ දකුණු Gyeongsang පළාතේ ගම්මිරිස් වර්ග කිරීමේ කෘෂිකාර්මික කර්මාන්ත ශාලාවකින් වාර්තා වී තිබේ. රොබෝවෙන් පහර කෑ පුද්ගලයා එම රොබෝගේ සංවේදකයන්හි ක්‍රියාකාරීත්වය පරීක්ෂා කරමින් සිටියදී සිදුවූ දෝෂයක් නිසා මේ ඛේදජනක සිදුවීමට ලක්ව ඇත.

ගම්මිරිස් පෙට්ටි ඔසවා ඒවා පැලට් මතට මාරුකිරීමේ වගකීම රාජකාරිය ලෙස සිදුකිරීමට සෑදූ රොබෝව මේ සේවකයා ද ගම්මිරිස් පෙට්ටියක් ලෙස වරදවා වටහා ගැනීමෙන් මේ අවාසනාවන්ත සිද්ධිය හටගෙන තිබේ. රොබෝ තම අතකින් මේ පුද්ගලයාගේ සිරුරේ උඩු කොටසින් අල්ලා යන්ත්‍රයකට තල්ලු කර ඇත. 40 හැවිරිදි මේ පුද්ගලයා රෝහල්ගත කළද පසුව මියගොස් ඇත. මීට පෙර ද මෝටර් රථ අමතර කොටස් නිෂ්පාදන කම්හලක සේවය කරමින් සිටියදී, 50 හැවිරිදි දකුණු කොරියානු ජාතිකයකු ද දත්ත හඳුනා ගැනීමේදී ඇතිවූ යම් අපහසුතාවක් නිසා රොබෝවරයකුට හසුවීමෙන් බරපතළ තුවාල ලැබීය.

 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 20 වන සෙනසුරාදා, ප.ව. 02:00