2023 නොවැම්බර් 18 වන සෙනසුරාදා

ඒ.ආර්. රහ්මාන්ට ගීත විකෘති චෝදනාවක්!

 2023 නොවැම්බර් 18 වන සෙනසුරාදා, ප.ව. 02:00 143

ඇකඩමි සම්මානලාභී ගායකයකු සහ සංගීත නිර්මාපකයකු වන ඒ.ආර්. රහ්මාන් බොලිවුඩ් චිත්‍රපටයක් සඳහා ජනප්‍රිය බෙංගාලි ගීතයක් ගායනා කිරීම සම්බන්ධයෙන් බංග්ලාදේශ ජනතාවගේ දැවැන්ත දෝෂාරෝපණයකට ලක්ව තිබේ.

පිප්පා හින්දි චිත්‍රපටයට යොදා තිබූ ඔහුගේ ගීතයේ අනුවාදය, ජනප්‍රිය බෙංගාලි ගීතයක් වන "කරර් ඕයි ලූහෝ කෝපාට්" නැමැති (එය සිරගෙදර යකඩ කූරු ලෙස පරිවර්තනය කළ හැකිය.) විප්ලවවාදී ගීතයේ "සාරය" විකෘති කර යොදා ගැනීමක් ලෙස මේ චෝදනාව එල්ල වී තිබේ.

1922 දී බංගලාදේශයේ ජාතික කවියා වූ කාසි නස්රුල් ඉස්ලාම්ගේ පරම්පරාවෙන් පැවත එන්නන් විසින් මෙම විරෝධතාව මෙහෙයවනු ලැබ ඇත. නස්රුල් ඉස්ලාම් මෙම කවිය ලියා ඇත්තේ 1922 දීය. බ්‍රිතාන්‍යයන් විසින් නිදහස් සටන්කාමියකු වූ චිත්තරංජන් දාස් අත්අඩංගුවට ගෙන සිරගෙට යැවීමෙන් පසු නස්රුල් මෙම ගීතය ලියා ඇත්තේ ඊට විරෝධය පාමිනි. සිරගෙදර යකඩ ගේට්ටු කඩන ලෙස කවියා මිනිසුන්ගෙන් ඉල්ලා සිටී. විප්ලවවාදී කවියකු ලෙසද හැඳින්වෙන නස්රුල්, 1923 දී රාජද්‍රෝහී චෝදනාවකට බ්‍රිතාන්‍ය යටත් විජිතවාදීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය. 1949 දී ගායක ගිරින් චක්‍රබෝර්ති විසින් එය ප්‍රථම වරට පටිගත කරන ලදී.

 2025 මාර්තු 01 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 08 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 15 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 01 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00