2023 නොවැම්බර් 04 වන සෙනසුරාදා

ජබාලියා යුද අපරාධය!

 2023 නොවැම්බර් 04 වන සෙනසුරාදා, ප.ව. 02:00 108
ඊශ්‍රායල හමුදා විසින් ගාසා තීරයේ ජබාලියා සරණාගත කඳවුරට දින දෙකක් පුරා එල්ල කළ ප්‍රහාරයේ දෙවැනි ප්‍රහාරයෙන් තවත් හමාස් අණ දෙන නිලධාරියකු මරා දැමූ බව වාර්තා වේ. මේ ප්‍රහාරය සිදුවූයේ වටලනු ලැබූ ප්‍රදේශයෙන් ඉවත් කරන ලද සිවිල් වැසියන්ගේ පළමු කණ්ඩායම ඊජිප්තුවට නික්ම ගිය දාය. 

ඊශ්‍රායල හමුදාව ප්‍රකාශ කළේ ඔවුන්ගේ ප්‍රහාරක ජෙට් යානා ජබාලියා හි හමාස් පාලන සංකීර්ණයකට “නිශ්චිත බුද්ධි තොරතුරු මත පදනම්ව” පහරදුන් බවත්, ඉන් හමාස්  කණ්ඩායමේ ටැංකි නාශක මිසයිල ඒකකයේ ප්‍රධානියා වන මුහම්මද් ඒසාර් මරා දැමූ බවත්ය. ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරයෙන් පලස්තීනුවන් අවම වශයෙන් 195 දෙනකුට වැඩි පිරිසක් මියගිය අතර සුන්බුන් අතර කොටු වූ සිය ඥාතීන් සොයා සරණාගතයෝ මංමුලා සහගත ලෙස සෙවීමක යෙදී සිටියහ.

ඔක්තෝබර් 7දා දකුණු ඊශ්‍රායලයට මාරාන්තික දේශසීමා ප්‍රහාරයක් එල්ල කිරීමෙන් පසු හමාස් සටන්කාමීන්ට එරෙහිව ඊශ්‍රායලය, ගොඩබිමෙන්, මුහුදෙන් සහ ගුවනින් ජනාකීර්ණ ගාසා තීරයට බෝම්බ හෙළීය. ගාසා තීරයේ විශාලතම සරණාගත කඳවුර වන ජබාලියා වෙත ඊශ්‍රායලය ප්‍රහාරයක් එල්ල කළේ ඒ අතරය. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් නිලධාරීන් පැවසුවේ මෙම මෙහෙයුම යුද අපරාධයක් බවයි. “එය සමූල ඝාතනයක්,” යැයි ප්‍රහාරයේ ඇසින් දුටු සාක්ෂිකරුවෙක් මාධ්‍ය වෙත පැවසීය. හමාස් සංවිධානය හිතාමතාම සිවිල් ගොඩනැගිලි, අවට සහ ඇතුළත තම ත්‍රස්තවාදී යටිතල මධ්‍යස්ථාන ගොඩනගමින්, ගාසා හි සිවිල් වැසියන් හිතාමතාම අනතුරේ හෙළන බව ඊශ්‍රායලය කියයි.
 2025 මැයි 24 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මැයි 24 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මැයි 31 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මැයි 31 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මැයි 31 වන සෙනසුරාදා, ප.ව. 02:00