2023 නොවැම්බර් 04 වන සෙනසුරාදා

රොබෝවන්ට අලුත් හමක්!

 2023 නොවැම්බර් 04 වන සෙනසුරාදා, ප.ව. 02:00 58

ආබාධිතයන් සඳහා වූ කෘත්‍රිම අත් පා සහ රොබෝ අත් පා වෙනුවෙන් යෙදිය හැකි මිනිස් සම මෙන්ම ජීවමාන මෘදු, ස්පර්ශයට දැඩිව සංවේදී අලුත්ම සමක් නිපදවා තිබේ. සංවේදකය මූලික වශයෙන් සිලිකොන් රබර්වලින් සමන්විත වේ. මේ අද්විතීය නිර්මාණයට මිනිස් සම මෙන් රැලි වැටීමේ හැකියාවද ඇත.

ස්මාර්ට්, දිගු ඇදීමේ හැකියාව ඇති සහ ඉතා සංවේදී, නව මෘදු සංවේදකයක් වන මේ සම  රොබෝ තාක්ෂණයේ පුළුල් පරාසයක යෙදුම් සඳහා දොර විවර කරයි. කෘත්‍රිම අතක හෝ රොබෝ පාදයක මතුපිටට යෙදූ විට, මේ සංවේදක සම ස්පර්ශ සංවේදීතාව සහ ඉහළ හඳුනාගැනීමේ  හැකියාවක්  සපයන අතර, මෘදු පළතුරක් ඇහිඳීම වැනි යන්ත්‍රවලට අපහසු කාර්යයක් පවා හොඳින් ඉටු කරන්නට ආධාර වෙයි. 

 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 20 වන සෙනසුරාදා, ප.ව. 02:00