අයිස්ලන්තය පුරා කාන්තාවන් දහස් ගණනක් අඟහරුවාදා වැඩවර්ජනයක නිරත වූහ. ඒ රට තුළ ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව ඉහළ දැමීම සඳහා බලපෑම් කිරීමේ ව්‍යාපාරයක කොටසක් ලෙසය. වඩාත් විශේෂය වූයේ රටේ අගමැතිනියද මේ වර්ජනයට එක්ව සිටීමය. ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවයේ නාමයෙන් අයිස්ලන්තයේ කාන්තාවන් වැඩවර්ජනයක නිරත වූ හත්වැනි අවස්ථාව මෙය බව එහි සංවිධායකයන් ඔවුන්ගේ නිල වෙබ් අඩවියේ ප්‍රකාශ කර තිබේ.
පළමු වැඩවර්ජනය 1975 ඔක්තෝබර් 24 වැනිදා සිදුවිය. අයිස්ලන්ත භාෂාවෙන් "කාන්තා නිවාඩුව" හෝ "Kvennafri” ලෙස හැඳින්වෙන මෙම වර්ජනය සංවිධානය කරන ලද්දේ අයිස්ලන්තයේ කාන්තාවන් මුහුණ දෙන "ක්‍රමානුකූල" වැටුප් වෙනස් කිරීම සහ ස්ත්‍රී පුරුෂ සමාජභාවය පදනම් කරගත් හිංසනය පිළිබඳව දැනුවත් කිරීම සඳහා බව සංවිධායකයෝ පවසති.
අයිස්ලන්ත රාජ්‍ය සේවා විකාශනය වන RUV ට අනුව, මේ ස්කැන්ඩිනේවියානු රටේ සමහර පාසල් සහ පුස්තකාල එදින විවෘත නොකළේය. සමස්ත දිවයිනේම විවෘත කර ඇත්තේ එක් බැංකු ශාඛාවක් පමණක් බව RUV වාර්තා කර ඇත. එහි කාන්තා මාධ්‍යවේදිනියන් වර්ජනයට සහභාගී වීම හේතුවෙන් RUV විකාශනය කළේද සීමිත වැඩසටහන්ය.
RUV ට අනුව, ප්‍රාදේශීය වේලාවෙන් මධ්‍යම රාත්‍රියෙන් (ප.ව. 8. ET) අවසන් වීමට නියමිතව තිබූ වැඩවර්ජනය අතරතුර අගනුවර ප්‍රදේශයේ වෛද්‍ය සායන හදිසි අවස්ථා සඳහා පමණක් ප්‍රතිකාර කරමින් සිටියේය. ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය සාක්ෂාත් කර ගැනීමට තවත් වසර 300ක් ගතවනු ඇතැයි එක්සත් ජාතීන්ගේ ප්‍රධානියා මේ අතර අනතුරු අඟවා තිබුණි.