2023 ඔක්තෝබර් 21 වන සෙනසුරාදා

කාම්බෝජයේ විශාලතම නව ගුවන්තොට

 2023 ඔක්තෝබර් 21 වන සෙනසුරාදා, ප.ව. 02:00 170

ඇන්කෝර් වට් සංකීර්ණයේ සිට කිලෝමීටර කිහිපයක් දුරින් පිහිටා ඇති කාම්බෝජයේ නවතම සහ විශාලතම ගුවන් තොටුපළ වාණිජ මෙහෙයුම් සඳහා මේ සතියේ විවෘත විය.

රටේ වයඹ දෙසින් පිහිටි සියම් රීප් පළාතේ පිහිටි Siem Reap-Angkor ජාත්‍යන්තර ගුවන් තොටුපළ දැන් රටේ වඩාත්ම ජනප්‍රිය සංචාරක ස්ථානවලින් එකක් වන යුනෙස්කෝ- ලැයිස්තුගත Angkor පුරාවිද්‍යා සංකීර්ණය වෙත ළඟාවීමට පහසුම මාර්ගය වේ. චීනයේ අරමුදල්වලින් ප්‍රතිස්ථාපනය කළ මෙය ප්‍රථම වරට 1932 දී විවෘත කරන ලද සියම් රීප් ජාත්‍යන්තර ගුවන්තොටුපළ (REP) නවීකරණය කර තැනූවකි. සඳුදා උදෑසන, තායිලන්තයේ බැංකොක් එයාර්වේස් විසින් ක්‍රියාත්මක කරන ලද ගුවන් යානයක් නව ගුවන් තොටුපළට මුලින්ම ගොඩ බැස්සේය.