2023 සැප්තැම්බර් 30 වන සෙනසුරාදා

නයිජීරියාවේ මහා වර්ජනයක්!

 2023 සැප්තැම්බර් 30 වන සෙනසුරාදා, ප.ව. 02:00 57

නයිජීරියාවේ ආණ්ඩුව ඒ රට තුළ ජනප්‍රියව තිබූ නමුත්, මිල අධික පෙට්‍රල් සහනාධාරයක් ඉවත් කිරීමෙන් පසු දැන් රට මුහුණ දෙමින් ඇති ජීවන වියදම් අර්බුදයට විරෝධය දැක්වීම සඳහා නයිජීරියාවේ විශාලතම සේවක සංගම් දෙක ලබන සතියේ දින නියමයක් නොමැතිව වැඩ වර්ජනයක් ආරම්භ කිරීමට සැලසුම් කර ඇත.

එරට විශාලතම වෘත්තීය සමිති වන ජාතික කම්කරු කොංග්‍රසය (NLC) සහ වෘත්තීය සමිති කොංග්‍රසය (TUC) තමන් ඔක්තෝබර් 3 වැනිදා වර්ජනය ආරම්භ කරන බව කියා තිබේ. ඉන්ධන මිල අඩු මට්ටමක තබා ගැනීමට ආධාර වූ දශක ගණනාවක් පැරණි සහනාධාරය අහෝසි කිරීමට මැයි මාසයේදී ගත් ඔහුගේ තීරණය ආපසු හරවන ලෙස වෘත්තීය සමිති ජනාධිපති බොලා ටිනුබුට බල කරමින් සිටියහ.

වැඩවර්ජන වෙනුවට සාකච්ඡා දිගටම කරගෙන යන ලෙස රජය වෘත්තීය සමිතිවලින් ඉල්ලා සිටියේ, ඉලක්කම් දෙකක උද්ධමනය, විදේශ මුදල් හිඟය සහ අඩු තෙල් නිෂ්පාදනය සමඟ පොරබදමින් සිටින රටේ ආර්ථිකයකට මෙය හානියක් වන බව පවසමින්ය. නමුත් සිය තීන්දුව වෙනස් කිරීමට ජනාධිපතිවරයා පියවර ගන්නා බවක් පෙණුනේ නැත.

බොහෝ ව්‍යාපාර සහ නිවාස විදුලිය සඳහා පෙට්‍රල් ජනක යන්ත්‍ර මත යැපෙන බැවින් සහනාධාරය අහිමි වීම තුළ ආහාර, ප්‍රවාහන හා බලශක්ති පිරිවැය ඇතුළුව මිල ගණන් තියුණු ලෙස ඉහළ ගොස් ඇත.

 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00