2023 සැප්තැම්බර් 23 වන සෙනසුරාදා

ළඟදීම එනවා මිනිස්සු වගේ රොබෝලා

 2023 සැප්තැම්බර් 23 වන සෙනසුරාදා, ප.ව. 02:00 109

ලොව ප්‍රථම මානවරූපී රොබෝ නිෂ්පාදන කම්හල මේ වසර අගදී ඇමෙරිකාවේ ඔරිගන් ප්‍රාන්තයේ සාලෙම් හි විවෘත කිරීමට යයි.

"RoboFab” නම් වූ මෙම නිෂ්පාදන ආයතනය විවෘත කිරීම සඳහා සියලු කටයුතු සූදානම් වෙමින් පවතින බව Company Agility Robotics ආයතනය නිවේදනය කර ඇත. ආයතන පහසුකම් ඉදිකිරීම පසුගිය වසරේ ආරම්භ කළ බව Agility හි මාධ්‍ය නිවේදනය සඳහන් කරයි. එයට අනුව මේ කර්මාන්ත ශාලාවට වසරකට රොබෝවරුන් 10,000ක් සෑදිය හැකිය.

2020 දී සමාගම Digit නමින් කකුල් 2 සහිත සහ හිසක් රහිත රොබෝවක් හඳුන්වා දෙන ලදී. සමාගම විසින් නිර්මාණය කරන ලද සහ ගොඩනගන ලද මේ රොබෝවරයා, විශේෂයෙන්ම කකුල් චලනය සහ මානවරූපී නිර්මාණය හේතුවෙන් රොබෝ තාක්ෂණයේ ලෝකයේ සැලකිය යුතු පිම්මක් සනිටුහන් කළේය. Agility Robotics හි ඊළඟ පරම්පරාවේ ‘ඩිජිට්ස්’ රොබෝවරයාට හිස, අත් මෙන්ම LED ඇස් ද පවතිනු ඇත.

 

 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00