2023 අගෝස්තු 19 වන සෙනසුරාදා

මහ දවල් සිදුවූ අයර්ලන්ත ATM කොල්ලය!

 2023 අගෝස්තු 19 වන සෙනසුරාදා, ප.ව. 02:00 268

අයර්ලන්තයේ මහ දවල් සිදුවූ ATM කොල්ලයක් හේතුවෙන් එරට පුරා දැඩි කැළඹීමක් හටගත්තේය.

බැංකු මුදල් හුවමාරු යන්ත්‍රයන්හි හදිසියේ හටගත් ප්‍රධාන තොරතුරු තාක්ෂණ දෝෂයකින්  අයුතු  ප්‍රයෝජන ගැනීමට පිස්සු වැටුණු ගනුදෙනුකරුවන් දහස් ගණනක් රට පුරා ATM යන්ත්‍ර වැටලීම හේතුවෙන් අයර්ලන්ත බැංකුවට මේ අමුතු පන්නයේ අර්බුදයට මුහුණ දීමට සිදුව තිබුණි.

බැංකු වෙබ් අඩවියේ ගැටලුවක් පවතින බව බැංකුව ගනුදෙනුකරුවන්ට දැනුම් දී තිබුණේ එහි සබැඳි යෙදුම නිසි ලෙස ක්‍රියා නොකරන බවට ලද පැමිණිලි රුසක් ගැන පරීක්ෂාවකින් පසුවය.  කෙසේ වුවද මේ දැනුම් දීම සිදුවන විටද තමන්ගේ ගිණුම්වල අඩු මට්ටමේ මුදල් තිබියදීත්, ATM යන්ත්‍රවලින් අමතරව වැඩියෙන් මුදල් ලබාගත හැකි බව ගනුදෙනුකරුවන් හඳුනාගෙන ඇත. මෙ තාක්ෂණ දෝෂයෙන් ප්‍රයෝජන ගැනීමට පිස්සු වැටුණු මිනිසුන් ATM යන්ත්‍ර අසල පෙළ ගැසී සිටි අතර මේ අවස්ථාවාදී කොල්ලකරුවන්ගේ පෝලිම් ඉවත් කරන්නට පොලිසිය කැඳවීමට සිදුව තිබුණි.

ඔවුන්ගේ ගිණුමේ සතයක් නැති පුද්ගලයන්ට පවා යුරෝ 1,000ක් දක්වා මුදලක් වෙනත් ගිණුමකට මාරු කිරීමට මේ තාක්ෂණ හුටපටය නිසා ඉඩ ලැබී තිබුණි. එවිට ඔවුන්ට ඕනෑම ATM යන්ත්‍රයක් හරහා එම නව ගිණුමෙන් අදාළ මුදල් ලබාගන්නට හැකියාව උදා වී තිබුණි. සමාජ මාධ්‍ය ඔස්සේ ඉක්මනින් පැතිර ගිය මේ තොරතුර හේතුවෙන් මේ මහ දවල් කොල්ලය ඇරුඹී තිබුණි. නමුත් බැංකුව කියා තිබුණේ මෙසේ ලබාගත් මුදල් අදාළ අය ලබාගත් අමතර ණය මුදල් සේ සලකා නැවත අයකර ගන්නා බවය. පසුව එදිනම රුයේ බැංකුව තාක්ෂණ දෝෂය සකසාගෙන තිබුණි.

 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00