2023 අගෝස්තු 12 වන සෙනසුරාදා

ඉක්වදෝර ජනාධිපති අපේක්ෂකට වෙඩි!

 2023 අගෝස්තු 12 වන සෙනසුරාදා, ප.ව. 02:00 41

ඉක්වදෝර ජනාධිපති අපේක්ෂක 59 හැවිරිදි ෆර්නැන්ඩො විලාවිසෙන්සියෝ එරට Quito අගනුවර පැවති ප්‍රචාරක රැලියකින් පසුව ඔළුවට වෙඩි තබා ඝාතනය කර ඇත. ඝාතනයේ සැකකරුද ඔහු, අල්ලා ගැනීමට එල්ල කළ වෙඩි හුවමාරුවකදී ඇති වූ තුවාල හේතුවෙන් මියගිය බව රටේ ජනාධිපතිවරයා සහ අනෙකුත් බලධාරීන් පැවසීය.

රටේ ප්‍රධාන පුවත්පත වන එල් යුනිවර්සෝ වාර්තා කළේ අපේක්ෂකයා  වෙඩික්කරුවකුගේ ප්‍රහාරයෙන් ඝාතනයට ලක්ව ඇති බවයි. ඉක්වදෝරයේ ජාතික සභාව විසුරුවා හරින තෙක් එහි සාමාජිකයෙකුව සිටි ඔහු හිටපු මාධ්‍යවේදියෙකි. පසුගිය සතියේ තමාට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගෙන් තර්ජන එල්ල වූ බව ප්‍රකාශ කර තිබුණි. බදාදා මේ ඝාතනය තහවුරු කළ පොලීසිය අපරාධයට දැඩි දඬුවම් ලබාදෙන බවට පොරොන්දු විය. ප්‍රහාරයේදී පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ඇතුළු තවත් පුද්ගලයින් 9 දෙනෙකු තුවාල ලබා තිබුණි.

 2025 මැයි 24 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මැයි 24 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මැයි 31 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මැයි 31 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මැයි 31 වන සෙනසුරාදා, ප.ව. 02:00