චීනයේ මේ දිනවල මහ ගංවතුරකි. එහි අගනුවර අවට පතිත වූ වාර්තාගත වර්ෂාපතනයෙන් හටගත් ගංවතුර හේතුවෙන් නිවාස 59,000ක් පමණ කඩා වැටී තවත් 150,000කට හානි සිදු වී ඇත. ඩොක්සුරි සුළි කුණාටුවේ අවසන් ප්‍රහාරයක් ලෙස දින කිහිපයක් පුරා ඇදහැලුණු අධික වර්ෂාවෙන් මේ විශාල හානිය සිදුව තිබේ.
ගංවතුරෙන් මියගිය සංඛ්‍යාව 33 දක්වා ඉහළ ගොස් ඇති අතර, බේරාගැනීමට ගිය පුද්ගලයින්ද පස් දෙනෙකු ඇතුළුව තවත් පුද්ගලයින් 18 දෙනෙක් අතුරුදහන් වී ඇත. මිලියනයකට අධික ජනතාවක් නිවාසවලින් ඉවත්කර ඇත. හෙක්ටයාර 15,000 (අක්කර 37,000) කට වැඩි වගා බිම් ප්‍රමාණයක් ගංවතුරට යටව තිබේ.