2023 අගෝස්තු 12 වන සෙනසුරාදා

පාකිස්ථානයේ අරාජික දින 90ක්!

 2023 අගෝස්තු 12 වන සෙනසුරාදා, ප.ව. 02:00 91

ඉම්රාන් ඛාන් සිරගතව සිටියි. ඔහුගේ රජය ඉවත්ව ගොසිනි. රට පවතින්නේ අරාජික වටාපිටාවකය. මේ අනුව නව අන්තර්වාර අගමැතිවරයෙකු පත් කිරීමට දින තුනක කාලයක් සහ මහ මැතිවරණය පැවැත්වීමට දින 90ක කාලයක් පාකිස්ථාන ජනාධිපතිවරයා විසින් ඉවත්ව ගිය රජයට ලබාදී තිබේ. කෙසේ වෙතත්, මැතිවරණය ලබන වසර දක්වා ප්‍රමාද විය හැකි බවට ඉවත්ව යන රජය අනතුරු අඟවා තිබේ. රටේ පවතින අස්ථාවරභාවය සහ මිලිටරි බලපෑම මෙන්ම ආර්ථික අර්බුදය මේ සඳහා හේතු වී තිබේ. මේ වනවිට පාකිස්ථානයේ පවතින අස්ථාවරත්වය නිසා එක්සත් ජනපදයද සීරුවෙන් තබා ඇත. 

2018 වසරේ එරට පැවති අවසන් මහ මැතිවරණයෙන් වැඩිම ආසන සංඛ්‍යාවක් දිනා ගත්තේ මේ වනවිට සිරගතව සිටින ක්‍රිකට් තරුව ඉම්රාන් ඛාන්ගේ පාකිස්තාන් ටෙහ්රීක්-ඊ-ඉන්සාෆ් (පීටීඅයි) පක්ෂයයි. නැවතත් මහ මැතිවරණයක් එළඹෙමින් තිබියදී, 1947 සිට අවම වශයෙන් සාර්ථක කුමන්ත්‍රණ තුනක්වත් දියත් කර පළපුරුදු පකිස්තාන හමුදාව යළිත් වරක් සිය ආධිපත්‍යය, දූෂණ ආරවුල් පිරී, දේශපාලනිකව අස්ථාවරව ඇති රට හරහා පතිත කරන්නට කටයුතු කර තිබුණි. 70 හැවිරිදි ඛාන්, පසුගිය වසරේ විශ්වාසභංගයකින් අගමැති ධුරයෙන් නෙරපා හැරීමෙන් පසු ඒ රට තුළ මතුවූ දේශපාලන කැළඹිලිවල කැපී පෙනෙන දායකත්වයක් දැරීය. ඛාන් මෙම හමුදා  අතපෙවීමට  එරෙහිව  ඇරැඹූ ක්‍රියාකාරී මෙහෙයුම අවසන් වුයේ ඔහුට එරෙහිව විවිධ  නඩු 200කට අධික සංඛ්‍යාවක් එල්ල වීමත් සමගිනි. ඉකුත් අගෝස්තු 5 වැනිදා ඛාන්ට එරෙහිව දූෂණ චෝදනා මත වසර තුනක සිරදඬුවමක් නියම වූ අතර. පසුව පාර්ලිමේන්තුව විසුරුවා හැරිණි. මෙම විසුරුවා හැරීම හේතුවෙන් ඉදිරි මැතිවරණ අධීක්‍ෂණය භාරකාර රජයකට පැවරී තිබේ. දේශපාලන අරගලය සහ ආර්ථික අලකලංචිය මැද ආරාජික වූ රට තුළ මැතිවරණයකට යාම දැන් තව තවත් ගැටලු සහගතව තිබේ.

 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00