2023 ජුලි 29 වන සෙනසුරාදා

තායිවාන ප්‍රධාන ගුවන් තොටේ යුද අභ්‍යාසයක්

 2023 ජුලි 29 වන සෙනසුරාදා, ප.ව. 02:00 68

තායිවානයේ Taoyuan ජාත්‍යන්තර ගුවන් තොටුපළ ඉකුත් බදාදා ප්‍රථම වරට චීන ආක්‍රමණයකට විරුද්ධව සන්නද්ධව තිබුණි. දිවයිනේ හමුදාව බීජිං වෙතින් එල්ල විය හැකි ඕනෑම හදිසි ප්‍රහාරයක් වැළැක්වීම සඳහා ප්‍රති විරෝධී යුද අභ්‍යාසයකට පෙළගැසුණු යුද දර්ශන තලයක් බවට එය පත් වූ බැවිනි. චීන ආක්‍රමණයකදී තායිවාන හමුදාවේ  විවිධ අතුරු ශාඛා සම්බන්ධීකරණය සහ හදිසි ප්‍රතිචාර දැක්වීමේ හැකියාව පරීක්ෂා කිරීම සඳහා මෙම අභ්‍යාසය සැලසුම් කර තිබුණු බව ජාතික ආරක්ෂක අමාත්‍යාංශය ප්‍රකාශ කළේය.

සන්නද්ධ සොල්දාදුවන් සහ මිලිටරි හෙලිකොප්ටර් යොදා ගනිමින් තායිවානයේ කාර්යබහුලම ජාත්‍යන්තර දොරටුව අසල සිදු කළ මේ යුද අභ්‍යාසයෙන් පිළිබිඹු වන්නේ චීනය වෙතින් එල්ල වන මිලිටරි බිය ගැන්වීම් පිළිබඳ භීතිය හමුවේ තායිපේ  ඕනෑම තර්ජනයකට මුහුණ දීම සඳහා සූදානම් වන ආකාරයයි. රතු හිස්වැසුම් පැළඳ සිටි සොල්දාදුවෝ චීන ආක්‍රමණිකයන් අනුකරණය කරමින් ගුවන් තොටුපළ පොලිසිය සමඟ වෙඩි හුවමාරු අභ්‍යාසයක නිරත වූහ. ගිනි නිවන භටයන් ද අනුකරණය කරන ලද ගිනි නිවීමට පුරුදු විය.  

චීනයේ පාලක කොමියුනිස්ට් පක්ෂය තායිවානය එයට අයත් භූමියක් ලෙස ප්‍රකාශ කරන අතරම එය රාජ්‍ය තාන්ත්‍රිකව හුදෙකලා කිරීමට දශක ගණනාවක් ගත කර ඇත.  

 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00