2023 ජුලි 15 වන සෙනසුරාදා

වසර 45කට පසු යමුනා දිල්ලිය ගිලියි!

 2023 ජුලි 15 වන සෙනසුරාදා, ප.ව. 02:00 150

ඉන්දියාවේ සුප්‍රකට යමුනා ගඟේ ජලය පිටාර ගැලීම හේතුවෙන් දිල්ලි අගනුවර ප්‍රධාන මාර්ග ජලයෙන් යට වී තිබේ. වසර 45කට වැඩි කාලයක් තුළ මෙතෙක් වාර්තා වූ ඉහළම පිටාර අගයන් බිඳ දැමූ ගංගාවේ ජල මට්ටම දිනෙන් දින තවත් ඉහළ යමින් පවතී.  බ්‍රහස්පතින්දා උදෑසන වනවිට යමුනා ජල මට්ටම පෙර දින තිබූ මීටර් 207.49 මට්ටමේ සිට මීටර් 208.46 දක්වා ඉහළ ගොස් ඇති බව බලධාරීහු පවසති.

මේ වනවිට බලධාරීන් අවට පහත් බිම්වලින් දහස් ගණනක් ඉවත් කර ඇති අතර ගමනාගමනයට අතුරු මාර්ග යොදාගෙන ඇත. ගංවතුර ප්‍රදේශවල පාසල් 17ක් වසා දමා ඇත. ජූනි මාසයේ ආරම්භ වූ මෙම මෝසම් සමයේදී උතුරු ඉන්දියාවට වාර්තාගත වර්ෂාපතනයක් ලැබී ඇති බව බලධාරීහු පවසති. පසුගිය මාසයේ අගභාගයේදී වර්ෂාව ආරම්භ වූදා සිට හිමාචල් ප්‍රදේශයෙහි අවම වශයෙන් පුද්ගලයින් 88 දෙනෙකු මියගොස් ඇති අතර, පන්ජාබ් සහ හර්යානා වැනි ආසන්න ප්‍රාන්තවලද දරුණු ගංවතුරක් දක්නට ලැබේ.

 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00