2023 ජුලි 15 වන සෙනසුරාදා

යකඩ වළාකුළු සහිත ග්‍රහලොවක් හමුවේ!

 2023 ජුලි 15 වන සෙනසුරාදා, ප.ව. 02:00 177

විශ්වයේ කැඩපත ලෙස හඳුන්වන, මෙතෙක් සොයාගෙන ඇති තදින්ම දිලිසෙන බාහිර ග්‍රහලෝකයක් හමුවී තිබේ. සෑම පැය 19 කට වරක් එහි ධාරක තාරකාව වටා ගමන් කරන අධි උණුසුමක් සහිත මේ ග්‍රහලොව LTT9779b ලෙස නම්කර ඇත.

නෙප්චූන් ප්‍රමාණයට සමාන මෙම ග්‍රහලෝකය පෘථිවියේ සිට ආලෝක වර්ෂ 262ක් දුරින් පිහිටා ඇති අතර එය මත වැටෙන ආලෝකයෙන් 80%ක් පරාවර්තනය කරමින් බැබළෙයි. එහෙයින් මෙය දැනට සොයාගත් දීප්තිමත්ම ග්‍රහලොව හෙවත් විශ්වයේ ඇති විශාලතම ''කැඩපත'' ලෙස තාරකා විද්‍යාඥයින් විසින් හඳුනාගෙන ඇති බාහිර ග්‍රහලෝකයයි. දැඩිව  දැවෙන අධික උණුසුමැති මේ ලෝකය, සිලිකේට් සහ ටයිටේනියම් වැනි ලෝහවලින් සැදුම්  ලද පරාවර්තක ගුණයෙන් යුතු වළාකුළුවලින් සමන්විතය. 

 2025 මැයි 24 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මැයි 24 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මැයි 31 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මැයි 31 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මැයි 31 වන සෙනසුරාදා, ප.ව. 02:00