2023 ජුලි 08 වන සෙනසුරාදා

ඉතිහාසයේ දරුණුම රස්නය රැගෙන එල් නිනෝ එයි!

 2023 ජුලි 08 වන සෙනසුරාදා, ප.ව. 02:00 150

ගෝලීය වශයෙන් මෙතෙක් වාර්තා වූ උණුසුම්ම දිනය වූයේ ජූලි 3 සඳුදාය. සාමාන්‍ය ගෝලීය උෂ්ණත්වය සෙල්සියස් අංශක 17.01 (ෆැරන්හයිට් අංශක 62.62) කරා ළඟා වී තිබුණි. මේ අතර ඉදිරි මාසවලදී වඩාත් දරුණු කාලගුණික විපර්යාස සිදුවීම් සහ වාර්තාගත ආන්තික උෂ්ණත්වයන් සඳහා ලොවපුරා රජයන් සූදානම් විය යුතු බව ලෝක කාලගුණ විද්‍යා සංවිධානය WMO, අනතුරු අඟවා තිබේ. ඒ “එල් නිනෝ* ගෝලීය  උනුසුමේ වත්මන් ආරම්භය ගැන ප්‍රකාශ කරමිනි. මෙවර එල් නිනෝ බලපෑම ඉතිහාසයේ වඩාත් බලවත්ම උණුසුම් කාලවකවානුව හැටියට වාර්තාගත වනු ඇත.

ඉතා ප්‍රබල එල් නිනෝවක් සහ ෆොසිල ඉන්ධන දහනය මගින් මිනිසා විසින් ඇතිකරන ලද උණුසුම හේතුවෙන් හටගත් &ද්විත්ව උණුසුමක ප්‍රහාරයක්* නිසා 2016 වසර මෙතෙක් වාර්තාගත උණුසුම්ම වසර බවට පත්ව තිබුණි. නමුත් මේ වනවිට මිනිසා විසින් ඇති කරන ලද අධික ගෝලීය උණුසුම හේතුවෙන් 2023 හෝ 2024 හෝ අතර  හටගැනීමට නියමිත එල් නිනෝ තත්ත්වය 2016 තාප වාර්තාව බිඳ දමන ඉහළම  මට්ටමකට පත්විය හැකි බව WMO පවසයි.

සාගර උණුසුම වැඩිවීමත් සමඟම එන මෙම එල් නිනෝ සිදුවීම මගින් සාමාන්‍යයෙන් දකුණු ඇමරිකාවේ, අප්‍රිකාවේ සහ මධ්‍යම ආසියාවේ සමහර ප්‍රදේශවල වර්ෂාපතනය වැඩිවීම සමඟ සම්බන්ධ වේ. එය ඕස්ට්‍රේලියාව, ඉන්දුනීසියාව දකුණු ආසියාවේ සමහර කොටස්, මධ්‍යම ඇමරිකාව සහ උතුරු, දකුණු ඇමරිකාව පුරා දැඩි නියඟ, තාප තරංග සහ ලැව්ගිනි වැඩි කළ හැකිය.

එල් නිනෝ යනු නිවර්තන පැසිෆික් සාගරයේ ස්වාභාවික දේශගුණික රටාවක් වන අතර එය මුහුදු මතුපිට උෂ්ණත්වය සාමාන්‍යයට වඩා වැඩි උණුසුමකට ලක්කරන සහ ඒ හේතුවෙන් කාලගුණයට ප්‍රධාන බලපෑමක් ඇති කරමින් ලොවපුරා බිලියන සංඛ්‍යාත මිනිසුන්ට බලපෑමක් කළ හැකි වූවකි.

 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00