2023 ජුලි 08 වන සෙනසුරාදා

තායි අගමැති පුටුවට මැතිසබේත් ඡන්දයක්!

 2023 ජුලි 08 වන සෙනසුරාදා, ප.ව. 02:00 26

තායිලන්තයේ මැයි 14 මැතිවරණයෙන් වැඩිම ආසන සංඛ්‍යාවක් ලබාගත් ප්‍රගතිශීලී පක්ෂ නායක Pita Limjaroenrat, ඒ රට අග්‍රාමාත්‍යවරයා ලෙස පත් කරන්නේද යන්න පිළිබඳව බහුතර එකඟතාව ගැනීම සඳහා තායිලන්ත පාර්ලිමේන්තුව ජූලි 13 වැනිදා  ඡන්දයක් කැඳවීමට නියමිත බව නව සභා කථානායකවරයා බදාදා නිවේදනය කළේය.

ඔහුගේ ප්‍රජාතන්ත්‍රවාදයට ගැති Move Forward පක්ෂය මැතිවරණ අනුශූරයන් වන Pheu Thai ද ඇතුළත් වූ පක්ෂ අටකින් යුත් සන්ධානයක් ගොඩනඟා ඇති නමුත් එයට ආණ්ඩුවක් පිහිටුවීමට අවශ්‍ය මුළු ආසන ප්‍රමාණය ලැබී නැත. ඔවුන් සතුව ඇත්තේ 312 කි. නමුත් ඒ ප්‍රමාණය පිටා මහතා අගමැති තනතුරට අනුමත කිරීම සඳහා අවශ්‍ය ඡන්ද 376ට වඩා අඩුය. මේ නිසා පොදු එකඟතාවකට පැමිණිම මගින් 13දා අගමැති තෝරා ගැනීමට නියමිතය.