උතුරු කෙන්යාවේ සම්බුරු ප්‍රාන්තයේ උමෝජා නම් ගම්මානය පිරිමින් රහිත ගමකි. අවට තණබිම් සහ පැල්පත් සහිතව, එය වෙනත් ගෝත්‍රික ජනාවාසයක් සේම දිස්වූවද එය කාන්තාවන්ට පමණක් වෙන් වූවකි.
උමෝජා යනු එකමුතුකම සඳහා වන කිස්හීලී වචනයයි. මෙම ප්‍රජාව ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වයෙන් බේරෙන සම්බුරු කාන්තාවන් සඳහා අභයභූමියක් ලෙස 1990දී ආරම්භ කරන ලද්දකි. උමෝජා සෑම වයස් කාණ්ඩයකම කාන්තාවන්ට නිවහන වේ. ලිංගික හිංසනයෙන් සහ අපයෝජනයෙන් දිවි ගලවා ගත්, ඔවුන්ගේ පවුල් විසින් නෙරපා හරින ලද, මෙන්ම ළමා විවාහ හෝ කාන්තා ලිංග ඡේදනය (FGM) වැනි අතවරවලින් බේරී සිටින ගැහැණු ළමයින් සහ කාන්තාවන් සඳහා ආරක්ෂිත අවකාශයක් නිර්මාණය කිරීම සඳහා මෙයට පිරිමින්ට ඇතුළුවීම තහනම් කර ඇත.