2023 ජුලි 01 වන සෙනසුරාදා

සියරා ලියොන් බල පෙරැළිය!

 2023 ජුලි 01 වන සෙනසුරාදා, ප.ව. 02:00 26

සියරා ලියොන්හි ජනාධිපතිවරණයෙන් ජනාධිපති ජුලියස් මාඩා බයෝ නැවත තේරී පත්වී ඇති බව මැතිවරණ කොමිසම තහවුරැ කළ නමුත් විපක්ෂයේ සමුර කමාරා එම   ප්‍රතිඵල ප්‍රතික්ෂේප කර තිබුණි.

ප්‍රධාන මැතිවරණ කොමසාරිස්වරයා විසින් 59 හැවිරිදි මාඩා බයෝ, සෙනසුරාදා ඡන්දයෙන් සියයට 56.17ක් ලබා ගනිමින් නැවත තේරී පත් වූ බව ප්‍රකාශ කරන්නට යෙදුනි. ඔහුගේ ප්‍රමුඛතම ප්‍රතිවාදියා වූ සමස්ත මහජන කොංග්‍රසයේ (APC) සමුර කමාරා සියයට 41.16ක් ලබා ගනිමින් දෙවැනි ස්ථානයට පත්ව තිබුණි. බයෝ 2018දී කමාරා පරදා ජනපති විය. 1992 දී රටේ පාලනය උදුරාගත් හමුදා කල්ලියේ සාමාජිකයෙක් විය. ඔහුගේ පළමු සිවිල් ධූර කාලය තුළ අධ්‍යාපනය සහ කාන්තා අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටියේය. 1996 දී නැවත  ප්‍රජාතන්ත්‍රවාදී  පාලනයකට රට භාර දීමට පෙර පැවැති  මාස 3ක මිලිටරි පාලනයේ හිටපු ප්‍රධානියාය.

මෙම ඡන්දය 2002 සියරා ලියොන්හි සිවිල් යුද්ධය අවසන් වීමෙන් පසු පැවැති පස්වැනි ඡන්දයයි. එය පැවැත්වුණේ ඉහළ විරැකියාව සහ උද්ධමනය මෙන්ම වැඩෙන ප්‍රචණ්ඩත්වය මධ්‍යයේය. ඉහළ යන මිල ගණන් පසුගිය වසරේ අසාමාන්‍ය ලෙස ප්‍රචණ්ඩ විරෝධතාවලට තුඩුදුන් අතර, සමස්ත මහජන කොංග්‍රසය - APC, ඡන්ද දිනා ගැනීම සඳහා මේ ජීවන වියදම් අර්බුදය ඉදිරියට ගෙනැවිත් තිබුණි. ලෝක බැංකුවට අනුව  මිලියන හතකට වඩා වැඩි සියරා ලියොන්හි ජනගහනයෙන් සියයට 60කට ආසන්න ප්‍රමාණයක් දරිද්‍රතාවයට මුහුණ දී සිටින අතර, බටහිර අප්‍රිකාවේ තරුණ විරැකියාව ඉහළම රටවලින් එකකි.

 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00