2023 ජුලි 01 වන සෙනසුරාදා

ලොව විශාලතම කෲස් නෞකාව

 2023 ජුලි 01 වන සෙනසුරාදා, ප.ව. 02:00 154

ලොව විශාලතම කෲස් නෞකාව මේ වනවිට ෆින්ලන්තයේ නැව් අංගනයක ඉදිකිරීම් අවසන් කර හමාරය. නෞකාව මේ වසරේ ඔක්තෝබර් මාසයේදී මුහුදු අත්හදා බැලීම් සඳහා විවෘත ජලය වෙත එහි පළමු ගමන ආරම්භ කරනු ඇත.

Icon of the Seas, යනුවෙන් හැඳින්වෙන මෙය මීටර් 365ක් දිග (අඩි 1,200කට ආසන්න) වන අතර එහි බර ටොන් 250,800කි. එය Royal Caribbean International ආයතනයේ නිෂ්පාදනයකි. මේ නැව 2024 ජනවාරි මාසයේදී කැරිබියන් මුහුදේ යාත්‍රා කරන්නට නියමිතය. මේ ගමනේදී එහි මගීන් 5,610ක් සහ කාර්ය මණ්ඩලය 2,350ක් පමණ සුවපහසු ලෙස රඳවා ගනු ඇත.

ලොව විශාලතම කෲස් නෞකාව ලෙස දැනට සැලකෙන්නේ රාජකීය කැරිබියන් ආයතනයේම තවත් යාත්‍රාවක් වන වොන්ඩර් ඔෆ් ද සීස් ය. එය පසුගිය වසරේ සිය  සමාරම්භක මුහුදු ගමන සිදුකළ අතර අඩි 1,188ක් දිගය. එහි තට්ටු 18ක් සහිතය. ආයතනය විසින් නවතම තාක්‍ෂණය භාවිතා කරමින් ගොඩනගා Icon of the Seas, නෞකාව ක_ස් යාත්‍රාවන්ගේ පරිණාමීය උච්චතම අවස්ථාව ලෙස නම්කර ඇත.