විනාශයට පත් ටයිටන් මුහුදු යාත්‍රාවේ නටබුන් හමුවූ බවත් ඒ සුන්බුන් අතර “මිනිස් දේහ අවශේෂ” යැයි අනුමාන කළ හැකි කොටස් දක්නට හැකි බවත් එක්සත් ජනපද වෙරළාරක්ෂක බළකාය බදාදා ප්‍රකාශ කළේය. මුහුදෙන් ඉවතට ගත් සුන්බුන් අතර සුදු පැහැති පුවරුවක් වැනි කැබැල්ලක් මිනිසෙක්ට වඩා උස එක සමාන ප්‍රමාණයේ වයර් සහ කම්බි සහිත කොටසක්ද විය.
ටයිටැනික් යාත්‍රාවේ නටබුන් නැරුඹීමට ගිය ටයිටන් මුහුදු ගිල්වුම් යාත්‍රාව උතුරු අත්ලාන්තික් සාගරය පත්ලේ අඩි 13000කට ආසන්න ගැඹුරකදී පුපුරා ගොස් එහි සිටි මිනිසුන් පස්දෙනාම මියගිය බව බලධාරීන් නිවේදනයක් නිකුත් කළේය. අනුමාන කරන දේහ කොටස් එක්සත් ජනපද වෛද්‍ය වෘත්තිකයන් විසින් විශ්ලේෂණය කිරීමට නියමිතය.