2023 ජුනි 10 වන සෙනසුරාදා

වසර ලක්ෂයකට පෙර අකුරු ලියූ පුංචි මානව පිරිසක්!

 2023 ජුනි 10 වන සෙනසුරාදා, ප.ව. 02:00 144

මළවුන් මිහිදන් කිරීම සහ සංකේත අක්ෂර භාවිතය වැනි සංකීර්ණ හැසිරීම් පෙන්නුම් කළ මෙයට වසර ලක්ෂයකට පමණ ඉහත ජීවත් වූ අද්භූත මානව කොට්ඨාසයක් ගැන තතු අනාවරණය කරගෙන තිබේ. 

මෙම අද්භූත මානව සාමාජිකයන් වඳ වී ගිය Homo naledi ලෙස හඳුන්වන මානව  විශේෂයට අයත් වන බවට සාක්ෂි වාර්තා වී තිබේ. මේ මානවයන් සතු මොළයේ  විශාලත්වය නූතන මිනිස් මොළයෙන් තුනෙන් එකක් පමණ වන බව වාර්තා වීම අපූරු කාරණාවකි. මීට පෙර මෙවන් සංකීර්ණ චර්යා සඳහා ප්‍රසිද්ධව සිටියේ වඩාත් විශාල මොළ සහිත හෝමෝ සේපියන්ස් සහ නියැන්ඩර්තාල් වැනි මානවයන් වීම නිසාය.

මේ මානවයන් සිය ගුහා බිත්තිවල කැටයම් කර ඇති, වසර 241,000 ත් 335,000 ත් අතර පැරුණි යැයි සැලකෙන සංකේත ගණනාවක් ද විද්‍යාඥයන් විසින් සොයා ගනු ලැබ ඇත. 2013 සිට කැණීම් සිදු කරන දකුණු අප්‍රිකාවේ රයිසින් ස්ටාර් ගුහා පද්ධතියෙන් මේ විස්මිත නව සොයා ගැනීමට මග පෑදී තිබේ.