2023 ජුනි 10 වන සෙනසුරාදා

ගම් 80ක් ගිලගත් යුක්‍රේනයේ මහා ගංවතුර!

 2023 ජුනි 10 වන සෙනසුරාදා, ප.ව. 01:59 121

යුක්‍රේනයේ දස දහස් ගණනකට උන්හිටිතැන් අහිමි කළ නෝවා කකොව්කා වේල්ල විනාශ කිරීම “මෑත දශක කිහිපය තුළ යුරෝපයේ සිදුවූ කැපීපෙනෙන පාරිසරික ව්‍යසනයන්ගෙන් එකක්” බව යුක්‍රේනයේ අගමැති පවසා තිබේ. කර්සන් නගරයේ පිහිටි ඩ්නිප්රෝ ගංගාවේ ජලය හරස් කර ඉදිකර ඇති මේ වේල්ල කැඩී යාමෙන් හදිසි මහා  ගංවතුර තත්ත්වයක් ඇතිවිය.

වේල්ල පුපුරවා හැරීම සම්බන්ධයෙන් මොස්කව් වෙත දොස් පවරා ඇති යුක්‍රේන ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කි පවසන්නේ රුසියාවේ පිටුබලය ලබන හමුදා තමන් වාඩිලාගෙන සිටින විපතට පත් ප්‍රදේශවලින් පදිංචිකරුවන් ඉවත් කිරීමට දරන උත්සාහය අසාර්ථක වන බවයි.

අඟහරුවාදා අලුයම වේල්ල විනාශ වීමෙන් පසු Dnipro ගඟ දිගේ රුසියානු සහ යුක්‍රේන පාලන ප්‍රදේශවල 42,000 ක පමණ පිරිසක් ගංවතුර අවදානමට ලක්ව සිටිති. රුසියාවේ පාලනය යටතේ පවතින යුක්‍රේනයේ ප්‍රධාන වේල්ලක් ලෙස නෝවා කකොව්කා හැඳින්වේ. සපොරිශ්ෂියා න්‍යෂ්ටික බලාගාරයට අවශ්‍ය සිසිලන කටයුතු සඳහා ජලය ද සපයන්නේ මෙම ජලාශය මගිනි. යුරෝපයේ විශාලතම න්‍යෂ්ටික බලාගාරය ද එය වේ.

නෝවා කකොව්කාහි වේල්ල විනාශ වීමෙන් නගර සහ ගම් 80ක් ජලයෙන් යටවිය හැකි බව වාර්තා විය‍.