2023 ජුනි 04 වන ඉරිදා

රැජන ඝාතන තැතක රහස් රැසක් එළියට!

 2023 ජුනි 04 වන ඉරිදා, පෙ.ව. 06:00 135

දෙවැනි එලිසබෙත් මහ රැජින ඝාතනය සඳහා දැරූ උත්සාහයක් පිළිබඳ එළිදරව් කළ පිටු 103ක එෆ්.බී.අයි. රහස්‍ය වාර්තාවක් වසර 40කට පසු එළියට විත් තිබේ.

1983 පිලිප් කුමරැ සමඟ මහ රැජින අමෙරිකාවේ බටහිරට ගිය නිල ගමන ඇතුළු සංචාර කිහිපයකදී ආරක්ෂාව සඳහා පෙර සූදානම් වූ ආකාරය මෙම ඔන්ලයින් ලිපි ගොනුව විස්තර කර තිබේ. 

එහිදී රැජිනගේ 1983 ඉහත සංචාරයට මාසයකට පෙර සැන්ෆ්‍රැන්සිස්කො පොලිසියට ලද දුරකතන ඇමතුමක් හා ඒ හේතුවෙන් යෙදූ විශේෂ ආරක්ෂක උප්පරවැට්ටි ගැන එළිදරව් කර ඇත.

පොලිස් වාර්තා අනුව උතුරු අයර්ලන්තයේදී රබර් බුලට් ප්‍රහාරයකින් මියගිය සිය දියණිය වෙනුවෙන් පලිගැනීමට සිතු අයෙක් මෙම අමෙරිකා සවාරියේදී රැජින ඝාතනයට උත්සාහයක් දැරීමට නියමිතවූ බවට සනාථ වී තිබේ.

මෙම පුද්ගලයාගේ ප්‍රකාශ අනුව රැජින රැගත් බ්‍රිටැනියා රාජකීය යාත්‍රාව ගෝල්ඩන් ගේට් පාලම යටින් යාත්‍රා කරන විට යම් වස්තුවක් එයට දැමීමෙන්  තමන් එලිසබෙත් රැජිනට හානි කිරීමට උත්සාහ කරන බව එළිදරව් වී ඇත‍. එසේත් නැතිනම් ඇය යොසෙමයිට් ජාතික වනෝද්‍යානයට ගියවිට එහිදී එලිසබෙත් රැජින මරා දැමීමට උත්සාහ කරන බවටද ප්‍රකාශ කර ඇත. රැජින සහ පිලිප් කුමරු යහතින් මේ ස්ථාන කරා සංචාරය කර තිබුනේ මෙවන් ඝාතන ප්‍රයත්නයක් ගැන හාංකවිසියක් තරම්වත් නොදැනය. මේ ලිපිගොනු මගින් FBI හි අධි සුපරීක්ෂාකාරී බව විදහා දක්වා තිබේ.

 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00