2023 මැයි 21 වන ඉරිදා

ජෝ බයිඩන් සිරකළ අමෙරිකා ණය අර්බුදය

 2023 මැයි 21 වන ඉරිදා, පෙ.ව. 06:00 135

අමෙරිකාව මුහුණ පා ඇති දරුණු ණය අර්බුදය හේතුවෙන් අත්‍යවශ්‍ය පිටරට සවාරි වලින් පවා මිදීමට ජෝ බයිඩන්ට දැන් සිදුව ඇත. මේ අනුව සිඩ්නිහි පැවැත්වීමට නියමිතව තිබූ  QUAD නායකයින්ගේ හමුව අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් සහභාගි නොවීම නිසා නොපැවැත්විණි. මේ වනවිට ඔඩුදුවා ඇති අමෙරිකාවේ ණය අර්බුදය ජනාධිපතිවරයාගේ විදෙස් සංචාර සඳහා දැඩිව බලපා ඇත.

ඒ අනුව අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් සිය ඔස්ට්‍රේලියානු සංචාරය අවලංගු කර ඇතැයි ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය ඇන්තනී ඇල්බනීස් නිවේදනය කර තිබුණි. ජපානයේ පැවැත්වෙන G7 සමුළුවට සමගාමීව QUAD නායකයින් ඔස්ට්‍රේලියාවේදී හමුවීමට සැලසුම් කර තිබුණි.

අමෙරිකාව මේ මොහොතේ සිටින්නේ ණය පැහැර හැරීම වළක්වා ගැනීමේ දැඩි උත්සාහයකය. ඒ සම්බන්ධයෙන් ජනාධිපති ජෝ බයිඩන් ඉකුත් සතියේද කොංග්‍රස් මණ්ඩලයේ ප්‍රධානීන් හමුවී සාකච්ඡා කරන්නට යෙදුණි. 

 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00