2023 මැයි 21 වන ඉරිදා

හින්දු බලකොටුව රාහුල් ගාන්ධිට!

 2023 මැයි 21 වන ඉරිදා, පෙ.ව. 06:00 177

ඉන්දියාවේ කර්නාටක ප්‍රාන්තයේ ඡන්දදායකයින් පසුගිය සතියේ පැවැති තීරණාත්මක පළාත් පාලන මැතිවරණයේදී අගමැති නරේන්ද්‍ර මෝදිගේ පක්ෂයේ හින්දු-ජාතිකවාදී ප්‍රතිපත්ති ප්‍රසිද්ධියේ ප්‍රතික්ෂේප කරන බව පෙන්වීමෙන් පසු ඉන්දියාවේ පාලක භාරතීය ජනතා පක්ෂයට (BJP) රටේ දකුණේ ඇති එකම බලකොටුවද අහිමි විය.

භාරතීය ජනතා පක්ෂයේ - ‘හින්දුත්ව’ ලෙස හැඳින්වෙන - දක්ෂිණාංශික හින්දු-ජාතිකවාදී දෘෂ්ටිවාදය සඳහා ''පරීක්ෂණාගාරයක්'' ලෙස විශ්ලේෂකයින් කර්නාටකය ගැන විස්තර කරයි.

දෙවැනි දශකයක් බලයේ සිටීමේ අරමුණින් සිටින බැවින් මෝදිට මෙම පරාජය වැදගත් අනතුරු ඇඟවීමක් බවට පත්ව ඇත. කර්නාටක ප්‍රාන්තයේ මැතිවරණයෙන් මෙලෙස  පරාජයට පත්වන විට එහි බලය හිමිකරගෙන සිටියේද භාරතීය ජනතා පක්ෂය වීම විශේෂයකි.

මැතිවරණයෙන් රාහුල් ගාන්ධිගේ විපක්ෂ කොංග්‍රස් පක්ෂය ආසන 135ක් දිනාගත් අතර, භාරතීය ජනතා පක්ෂයට ලැබුණේ  ආසන 66කි. ලබන වසරේ පැවැත්වෙන මහ මැතිවරණයේදී ඉන්දියාවේ ජනප්‍රියවාදී නායකයාට අභියෝග කිරීමට සූදානම් වනවිට මෝදිගේ විරුද්ධවාදීන්ට මෙය නව ශක්තියක් ලබා දී හමාරය.

 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00