2023 අප්‍රේල් 30 වන ඉරිදා

2029 දී පිටසක්වල ඇමතුමක්!

 2023 අප්‍රේල් 30 වන ඉරිදා, පෙ.ව. 06:00 136

වසර 2029 තරම් ආසන්න කාලයේදී පිටසක්වල ජීවීන් අප අමතන්නට ඉඩ ඇතැයි නාසා විද්‍යාඥයින් පිරිසක් විශ්වාසය පළකර ඇත. නාසා වෙතින් ඈත අභ්‍යවකාශයට යවන ලද Pioneer 12 ඇතුළු යානා වෙත නිකුත් කරන ලද සංඥාවන් පිටසක්වල ජීවීන් සහිත ලෝක වෙතද ඒ වනවිට ළඟා විය හැකි බවත් ඔවුන් නැවත අප අමතා සංඥා කළ හැකි බවත් ඔවුන් පෙන්වා දෙයි.

2022 දී නාසා Pioneer 12 වෙත යවන ලද සංඥාවක් ආලෝක වර්ෂ 27ක් ඈතින් ඇති ග්‍රහලොවක් වෙත ළඟා වී ඇති හෙයින් මේ අන්දමට ඒ සංඥා පිටසක්වලයන් කරාද ළඟා විය හැකි බව ඔවුන් පෙන්වා දෙති. Voyager 1, Voyager 2, Pioneer 10, Pioneer 11, Pioneer 12 සහ New Horizons වැනි යානා මේ අන්දමට විශ්වය පුරා සැරිසරණ අතර ඒ වෙත නාසා නිරතුරු වාරික සංඥා යවයි. මේ යානා එකිනෙක වෙත යැවූ සංඥාවන් මඟින් දුර ඈත තරු 1ක්  බැගින් මේ වනවිට සොයා හඳුනාගෙන ඇත. 2022 දී Pioneer 12 ආලෝක වර්ෂ 27ක් ඈත ඇති සුදු වාමන තරුවක් සොයාගෙන තිබුණි. 2331 වනවිට පයිනියර් 10 මගින් පමණක් මෙබඳු තරු 222ක් පමණ හඳුනාගනු ඇති අතර ඒ තරු වෙත පයනියර් කරා යන සංඥාවන් ළඟාවනු ඇතැයි ඔවුන් බලාපොරොත්තු වෙති. ඒ අනුව බුද්ධිමත් ජීවීන් නැවත අප අමතනු ඇතැයි ඔවුහු විශ්වාස කරති.

 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00