2023 අප්‍රේල් 30 වන ඉරිදා

III වැනි චාල්ස් රජුගේ චොකලට් උඩුකය පිළිරුවක්

 2023 අප්‍රේල් 30 වන ඉරිදා, පෙ.ව. 06:00 85

ලන්ඩනයේ ප්‍රධාන පෙලේ රසකැවිලි ආයතනයක් මගින් එළඹෙන රාජාභිෂේකය සනිටුහන් කරමින් කිලෝග්‍රෑම් 23ක් (රාත්තල් 50 කට වඩා වැඩි)  බරින් යුතු චොකලට්  යොදා තැනූ බ්‍රිතාන්‍යයේ III වැනි චාල්ස් රජුගේ ජීවමාන ප්‍රමාණයේ උඩුකය පිළිරුවක්  නිර්මාණය කර ඇත.

ප්‍රධාන චොකලට් ශිල්පී ජෙනිෆර් ලින්ඩ්සේ ක්ලාක්ගේ නායකත්වයෙන් යුත් මූර්ති ශිල්පීන් සහ චොකලට් කණ්ඩායමක් උණුකළ චොකලට් ලීටර් 17 (ගැලුම් 4.5) කට වඩා වැඩි ප්‍රමාණයක් භාවිතා කරමින් මෙම ආකෘතිය නිපදවීමට සති හතරක් පුරා පැය 130ක් ගත කළ බව සෙලිබ්‍රේෂන්ස් බදාදා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය. මෙය තනි සැමරුම් චොකලට් 2,875 කට පමණ සමාන වේ.

රජුගේ නිල ඇඳුම අලංකාර කරන Maltesers Teasers වලින් සාදන ලද King’s collar සමඟින් අනෙකුත්  විසිතුරු උරහිස් නිල පලඳනා කෑලි තනි තනි Twix, Milky Way, Galaxy සහ Bounty වැනි ජනප්‍රිය චොකලට් ආකෘතිවලින් නිර්මාණය කරන ලද අතර, සැමරුම් චොක්ලට්වලින් එකක් ඔහුගේ පපුවේ පදක්කම් නිර්මාණය කිරීමට භාවිතා කර ඇත.

 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00