2023 අප්‍රේල් 30 වන ඉරිදා

ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහි ලිංගික අතවර නඩුවක්!

 2023 අප්‍රේල් 30 වන ඉරිදා, පෙ.ව. 06:00 32

උපදේශන තීරු ලිපි රචිකාවියක වන ඊජීන් කැරොල් හිටපු එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව දැමූ නඩුවක් දැන් ආන්දෝලනයකට හේතු වී තිබේ. ඩොනල්ඩ් ට්‍රම්ප් 1996දී නිව්යෝර්ක්හි  වෙළඳසැලක ඇඳුම් මාරු කරන කාමරයකදී ඇයට ලිංගික අතවර කළ බවට ඇය චෝදනා කරන අතර ඇය ඒ බව පොතක් මගින් ප්‍රසිද්ධ කළ විට ඇය බොරු කී බවට චෝදනා කිරීමෙන් ඔහු “තමන්ගේ කීර්තිය බිඳ දැමූ” බවටත් ඇය වන්දි ඉල්ලා තිබේ.

ඩොනල්ඩ් ට්‍රම්ප් මෙම චෝදනා ප්‍රතික්ෂේප කර ඇත. පසුගියදා එහි සාක්කි විභාගයේදී  විනිසුරුවරයා ඊජීන් කැරොල්ගේ සාක්ෂියට පෙර, ඩොනල්ඩ් ට්‍රම්ප් ඔහුගේ සමාජ මාධ්‍ය වෙබ් අඩවිය වන ‘ටෘත් සෝෂල්‘ හි පළකර තිබූ පෝස්ටුවක් සම්බන්ධයෙන් අනතුරු අඟවා තිබුණි. ට්‍රම්ප් කැරොල්ගේ චෝදනා “සාදන ලද වංචාවක්” සහ “බොරු මායාකාරී වැඩක්” ලෙස හැඳින්වීය. විනිසුරුවරයා ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මෙම ප්‍රකාශය “සම්පූර්ණයෙන්ම නුසුදුසු” බව පැවසූ අතර එය ඔහුට එරෙහි නීතිමය බලපෑමක් බවට පත්විය හැකි බවට අනතුරු ඇඟවීය.