2023 අප්‍රේල් 23 වන ඉරිදා

චාල්ස් රජුගේ රාජාභිෂේකයට සත්‍ය ක්‍රිස්තු කුරුසියේ ආශීර්වාදයත්!

 2023 අප්‍රේල් 23 වන ඉරිදා, පෙ.ව. 06:00 140

ලබන මාසයේ ලන්ඩනයේ පැවැත්වෙන තුන්වැනි චාල්ස් රජුගේ රාජාභිෂේක පෙරහැරට ක්‍රිස්තුස් වහන්සේගේ සත්‍ය කුරුසයේ බව කියන කොටසක් එබ්බවූ රිදී කුරුසය  භාවිතයට ගැනීමට නියමිතය.

ක්‍රිස්තුස් වහන්සේ ඇණ ගසනු ලැබූ කුරුසියේ කොටසක් ලෙස ඇතැමුන් විශ්වාස කරන මේ ආගමික ධාතුවට අයත් කොටසක්, ෆ්‍රුන්සිස් පාප් වහන්සේ විසින් රජුට ලබා දී ඇත්තේ ඔහුගේ රාජාභිෂේකය සනිටුහන් කිරීමටය. රජතුමා විසින් එම කොටස අලුතින් නිර්මාණය කරන ලද වේල්ස් කුරුසයට ඇතුළත් කිරීමට නියෝග කළ අතර, ඔහු එහි සියවස් සංවත්සරය සැමරීම සඳහා ත්‍යාගයක් ලෙස වේල්සයේ පල්ලියට පිරිනැමූ බව පල්ලිය බදාදා නිවේදනය කළේය.

මේ සත්‍ය කුරුස කොටස වේල්ස් රිදි කුරුසයේ එබ්බවීමට චාල්ස් රජුද සහභාගි වු අතර ඔහු සංකේතාත්මක මුල් මිටි පහර ගසා එය සකසන්නට කටයුතු ඇරැඹුවේය. රාජාභිෂේකයෙන් පසු පැවැත්වෙන දේව මෙහෙයකදී මෙම කුරුසිය නිල වශයෙන් වේල්සයේ පල්ලිය විසින් පිළිගනු ලබන අතර එය ඇංග්ලිකන් සහ කතෝලික පල්ලි අතර බෙදා හදාගන්නා බව නිවේදනයේ දැක්වේ මෙම වේල්ස් කුරුසිය ප්‍රධාන රිදී කාර්මික මයිකල් ලොයිඩ් විසින් නිර්මාණය කරන ලද අතර මුළුමනින්ම වේල්ස් අමුද්‍රව්‍ය වලින් සාදන ලද්දකි.