2023 අප්‍රේල් 23 වන ඉරිදා

සුඩාන සටනින් බරපතළ හානි

 2023 අප්‍රේල් 23 වන ඉරිදා, පෙ.ව. 06:00 140

සුඩානය පුරා ප්‍රතිවාදී කණ්ඩායම් අතර පැතිර ගිය සටන හේතුවෙන් අවම වශයෙන් පුද්ගලයින් 200කට වැඩි පිරිසක් මියගොස් තවත් 1,800 කට වැඩි දෙනෙකු තුවාල ලබා ඇති බව එක්සත් ජාතීන්ගේ සුඩාන විශේෂ නියෝජිතයා කියා තිබේ.
වත්මන් සන්නද්ධ හමුදා අණදෙන නිලධාරී ජෙනරාල් අබ්දෙල් ෆාටා අල්-බුර්හාන් සහ පැරාමිලිටරි කණ්ඩායමක් වන වේගවත් ආධාරක බලකායේ (RSF) ප්‍රධානියා වන ජෙනරාල් මොහොමඩ් හම්දාන් දගලෝ අතර මතභේදාත්මක  බල අරගලය  මේ ගැටුමට හේතුවී ඇත.

රටේ බලය ඇල්ලූ 2021 කුමන්ත්‍රණයේ සිට මේ දෙපිරිස අතර අඛණ්ඩව පවතින අර්බුදය අවසන් කිරීම අරමුණු කරගත් අවසාන ගනුදෙනුවේ ප්‍රධාන කොන්දේසියක් ලෙස  ආර්.එස්.එෆ්. පැරා මිලිටරි කණ්ඩායමේ සාමාජිකයන්  නිත්‍ය හමුදාවට සැලසුම් සහගතව ඒකාබද්ධ කිරීම සම්බන්ධයෙන් අල්-බුර්හාන් සහ ඩැගාලෝ අතර හටගත් දැඩි එකඟ නොවීම් හේතුවෙන් මේ සටන් ආරම්භ විය. පසුගිය සෙනසුරාදා උදෑසන, රටේ අගනුවර වන කාර්ටූම්ට දකුණින් පිහිටි හමුදා කඳවුරක මුල් සටන් පුපුරා ගියේය.

එතැන් සිට, බොහෝ ප්‍රදේශවල පැතිර ගිය ගැටුම් හේතුවෙන් මිලියන සංඛ්‍යාත ජනතාවක් ඔවුන්ගේම නිවාසවල හෝ ඔවුන්ට නවාතැන් සොයාගත හැකි සෑම තැනකම පාහේ හෝ සිරවී සිටිති.