2023 අප්‍රේල් 23 වන ඉරිදා

උතුරු කොරියාව පළමු ඔත්තු චන්ද්‍රිකාව දියත් කිරීමට සූදානම්

 2023 අප්‍රේල් 23 වන ඉරිදා, පෙ.ව. 06:00 101

උතුරු කොරියාව සිය පළමු ඔත්තු චන්ද්‍රිකාව දියත් කිරීමට සූදානම් බව ඒ රට රාජ්‍ය මාධ්‍ය ප්‍රකාශ කර ඇත. කිම් ජොන් උන් රටේ පළමු හමුදා ඔත්තු බැලීමේ චන්ද්‍රිකාව දියත් කිරීමට සූදානම් වන ලෙස සිය නිලධාරීන්ට නියෝග කර ඇති බව මේ වාර්තාව කියයි.

ජාතික අභ්‍යවකාශ සංවර්ධන පරිපාලනය වෙත තම දියණිය සමඟ සිදුකළ ඔහුගේ සංචාරය අතරතුර, කිම් ජොන් උන් රටේ මිලිටරි ඔත්තු බැලීමේ චන්ද්‍රිකා නිෂ්පාදනය අවසන් කර ඇති බව කී අතර “ඔත්තු බැලීමේ චන්ද්‍රිකා කිහිපයක්” යැවීමට නියෝග කර ඇත.

උතුරු කොරියාව මෙලෙස ප්‍රකාශ කළද, රටේ අභ්‍යවකාශ දියත් කිරීමේ මධ්‍යස්ථානයේ මෑත චන්ද්‍රිකා ඡායාරෑප මගින් ආසන්න දියත් කිරීමක් පිළිබඳ කිසිදු සලකුණක් නොපෙන්වන බව එක්සත් ජනපදයේ ජේම්ස් මාටින් මධ්‍යස්ථානයේ ජ්‍යෙෂ්ඨ පර් යේෂණ සහකාර ඩේව් ෂ්මර්ලර් පැවසීය. නමුත් උතුරු කොරියාවට මෙය ජංගම වාහනයක් හරහා දියත් කළ හැකි බැවින් ඔවුන් පිළිබඳ දැඩිලෙස විමසිලිමත්ව සිටින බව ෂ්මර්ලර් පැවසීය. පසුගිය සතියේ අන්තර් මහද්වීපික බැලස්ටික් මිසයිලයක් අත්හදා බැලීම ඇතුළුව උතුරු කොරියාවේ මෑත කාලීන මිසයිල දියත් කිරීම්, සියල්ල ජංගම දියත් කිරීම්  ලෙස සිදුව  ඇත.