2023 අප්‍රේල් 23 වන ඉරිදා

චීනය අභිබවා ඉන්දියාව ජනාකීර්ණම රට වෙයි!

 2023 අප්‍රේල් 23 වන ඉරිදා, පෙ.ව. 06:00 63

බිලියන 1.4කට වැඩි පුරවැසියන් සිටින චීනය අභිබවා ලොව ජනාකීර්ණ රට බවට පත්වීමට ඉන්දියාව අප්‍රේල් මාසයේදී සූදානම් බව එක්සත් ජාතීන්ගේ සංවිධානය අනාවැකි පළකර තිබේ. වසර මැද වනවිට චීනයට වඩා බිලියන 2.9කින් ඒ රට ජනගහනය ඉහළ යනු ඇතැයි පුරෝකථනය කර ඇත.

මෑත වසරවලදී ඉන්දියාවේ උපත් අනුපාතය අඩු වී ඇතත්, වෙනත් ඕනෑම ප්‍රධාන ආර්ථිකයකට වඩා සමානුපාතිකව ජනගහනයෙන් සියයට 75ක් හෙවත් බිලියන 1.1ක් වූ   විශාල වැඩකරන වයසේ ජනගහනයක් ඒ රට සතුව ඇත.

මේ අතර, වැඩි ජනගහනයකට හිමිකම් කී ප්‍රධාන ආරථිකයන් ඇද වැටෙමින් තිබේ.  චීනය වයසට යමින් පවති. වසර 60කට වැඩි කාලයකට පසු ප්‍රථම වරට ජනගහනය 2022දී පහත වැටී තිබුණි. එහි වයස අවුරුදු 60 ට වැඩි ජනගහනයේ කොටස දැනට සියයට 20 සිට 2035 වනවිට සියයට 30 දක්වා වැඩි වීමට නියමිතය. 1978 සිට වසරකට ආසන්න වශයෙන් සියයට 10ක සාමාන්‍ය අගයකින් ඉහළ ගිය එහි ආර්ථික වර්ධනයද දැන් ඌනතාවයෙන් පෙළේ.

මෑත වසරවල නිෂ්පාදන කේන්ද්‍රස්ථානයක් ලෙස මතු වූ වියට්නාමයද වේගයෙන් වයස්ගත වෙමින් පවතී. පිලිපීනයටද වඩා ඉන්දියාව සිය වයස අවුරුදු 15-64 අතර ජනගහනයෙන් ඉහළ මට්ටමකට පැමිණ තිබේ.

 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00