2023 අප්‍රේල් 02 වන ඉරිදා

රාහුල්ට මන්ත්‍රීකමත් නැතිවෙයි!

 2023 අප්‍රේල් 02 වන ඉරිදා, පෙ.ව. 06:00 106

ඉන්දියාවේ ප්‍රධාන විපක්ෂ කොංග්‍රස් පක්ෂයේ හිටපු නායකයා, වන රාහුල් හට සිය මන්ත්‍රීකමත් අහිමිව ගියේය. අපහාස කිරීම සම්බන්ධයෙන් වසර දෙකක සිර දඬුවමක් නියම වී දිනකට පසු, ඔහුගේ ආධාරකරුවන් පවසන පරිදි, දේශපාලනික තීන්දුවක් මගින් නීති සම්පාදකයෙක් ලෙස ඔහු නුසුදුස්සෙක් වී සිටියි.

ඔහුගේ මෑතකාලීන වරද උපුටා දක්වමින් ඉන්දියාවේ පහළ මන්ත්‍රී මණ්ඩලය වන ලෝක් සභාව ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ රාහුල් ගාන්ධි “සිය සාමාජිකත්වයට  නුසුදුස්සකු” බවය.

එය ඉන්දියාවේ කොංග්‍රස් පක්ෂයට දින ගණනාවක් තුළ අත්වූ දෙවැනි පසුබෑම වන අතර අගමැති නරේන්ද්‍ර මෝදිට අභියෝග කිරීමට තරම් තරු බලයක් සහ නමක්, පිළිගැනීමක් ඇති චරිත කිහිපයෙන් එකක් නිහඬ කිරීමක් ලෙස සැලකේ. පසුගියදා, ගාන්ධි බටහිර ගුජරාට් ප්‍රාන්තයේ උසාවියක් විසින් 2019 දී ඔහු කළ කතාවක් හේතුවෙන් අපකීර්තියට වරදකරු බවට පත් කරනු ලැබීය, එහිදී ඔහු මෝදිගේ වාසගම ඇති සොරුන් ගැන සඳහනක් කර තිබුණි.

52 හැවිරිදි රාහුල්ට ඇප ලබා දී ඇති අතර, කොංග්‍රස් පක්ෂය ඔහු වරදකරු බව පිළිගැනීම ප්‍රතික්ෂේප කළ අතර, මෝදි තම විවේචකයන් නිහඬ කිරීමට උසාවිය භාවිත කර ඇති බවට චෝදනා ද කළේය. ගාන්ධි මන්ත්‍රීවරයකු ලෙස නුසුදුස්සකු බවට පත්කිරීම හෙළා දැකීමට ඉන්දියාව පුරා සිටින දේශපාලන පක්ෂ කටයුතු කර තිබුණි.

 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00