2023 අප්‍රේල් 02 වන ඉරිදා

ලෝක තාක්ෂණ ලොක්කන්ගෙන් GPT-4 ට බාධක!

 2023 අප්‍රේල් 02 වන ඉරිදා, පෙ.ව. 06:00 108

'තවදුරටත් මහා පරිමාණ AI අත්හදා බැලීම්’ නවත්වන ලෙස ඉල්ලා තාක්ෂණික නායකයන් 1,000 කට වැඩි පිරිසක් පෙත්සමක් අත්සන් කර තිබේ. නවතම තාක්ෂණ මෘදුකාංගයක් වන GPT-4 නිකුත් කිරීමට ප්‍රතිචාර වශයෙනි. ප්‍රකෝටිපති ව්‍යාපාරික එලොන් මස්ක් සහ තාක්‍ෂණ නායකයන් රැසක් ඉකුත්දා ප්‍රබල කෘත්‍රිම බුද්ධි (AI) පද්ධති තවදුරටත් සංවර්ධනය කිරීමේ විරාමයක් ඉල්ලා සිටියේ ඒවා ආරක්ෂිත බව සහතික කර ගැනීමට කාලයක් ලබා දෙන ලෙස ඉල්ලමිනි. ඒ සඳහා අඩු තරමේ මාස 06ක කාලයක් විරාමයක් ලබා දෙන ලෙස ඔවුහු ඉල්ලා සිටිති.

මස්ක් සහ ඇපල් සම-නිර්මාතෘ ස්ටීව් වොස්නියැක් ඇතුළු පුද්ගලයන් 1,000 කට වැඩි පිරිසක් විසින් අත්සන් කරන ලද විවෘත ලිපියකින් මේ ඉල්ලීම කර ඇත. සැන් ෆ්‍රැන්සිස්කෝ සමාගමක් වන OpenAI විසින් මෑතකදී නිකුත් කරන ලද GPT-4, තාක්ෂණික දැවැන්තයන් වන මයික්‍රොසොෆ්ට් සහ ගූගල් අතර තරගයක් ඇති කිරීමට  හේතුවන මට්ටමේ යෙදුම් එළිදැක්වීමට උදව් විය. එහි නව හඳුන්වාදීමක් වන ChatGPT   එහි බහුලව භාවිත වන AI chatbotට වඩා වඩාත් දියුණු අනුප්‍රාප්තිකයකු වන්නට නියමිත සමාගම පවසන්නේ එහි නවතම මාදිලිය පෙර අනුවාදයට වඩා බලවත් වන බවයි.   

නොවැම්බර් 30 එය දියත් කළ දින සිට මාස හතරක කාලය තුළ, ChatGPT විසින් එක්සත් ජනපදයේ නීති සහ වෛද්‍ය අනුමැතිය ලබා දෙන විභාග හැක් කිරීමේ සිට    විද්‍යුත් තැපැල් පණිවුඩ, ගීත ලිවීම, සහ නව යෙදුම් තැනීම වැනි පුළුල් පරාසයක කාර්යයන් ඉටු කිරීමේ හැකියාව පෙන්නුම් කර ඇත. මේ අනුව AI හි නවතම රැල්ලෙන් රැකියා මිලියන 300කට බලපෑම් ඇතිවිය හැකි බවට ඔවුහු අනතුරු අඟවා සිටිති.

 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00