2023 මාර්තු 26 වන ඉරිදා

බිග්-බෙන් තරමේ ග්‍රහකයක් හොඳටම ළං වෙයි!

 2023 මාර්තු 26 වන ඉරිදා, පෙ.ව. 06:00 117

ලන්ඩනයේ සුප්‍රකට බිග්-බෙන් ඔර්ලෝසුව ප්‍රමාණයේ විශාල ග්‍රහකයක් සෙනසුරාදා සඳට වඩා පෘථිවියට සමීපව ඇදී ගියේය. ඒ අපගේ ග්‍රහලෝකයේ සිට සැතපුම් 107,500ක් (කිලෝමීටර් 173,000) ඈතිනි. මෙය සාමාන්‍යයෙන් පොළොවෙන් සැතපුම් 238,855ක්  (කිලෝමීටර් 384,400) ඈත කක්ෂයක ගමන් කරන සඳ මෙන් දෙගුණයක් සමීප වීමකි.

මෙය ගමන් ගත්තේ පැයට සැතපුම් 17,426 ක (28,044 පැ.කී.මි) වේගයකිනි.

‘2023 DZ2’ ලෙස නම් කර ඇති මේ අභ්‍යවකාශ පාෂාණයේ විශ්කම්භය අඩි 305 (මීටර් 93) කි. ඒ හා සැලකීමේදී බිග්-බෙන් අඩි 315 (මීටර් 96) ක් වේ. එය ලොව වටා දෙවරක් කම්පන තරංගයක් ගමන් කරවීමට තරම් ප්‍රබල වූ 2013 දී රුසියාවට කඩා වැටුණු චෙල්යාබින්ස්ක් ග්‍රහකය මෙන් තුන් ගුණයක් විශාලය. නාසා ආයතනය පවසන්නේ මෙම ප්‍රමාණයේ වස්තුවක් පෘථිවියට ඉතා ආසන්නයෙන් ගමන් කරන්නේ ‘දශකයකට වරක් පමණ’ බවයි.

 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00