2023 මාර්තු 19 වන ඉරිදා

ට්‍රම්ප් හිතැති චීන කෝටිපතියාට වංචා චෝදනාවක්!

 2023 මාර්තු 19 වන ඉරිදා, පෙ.ව. 06:00 117

චීන ආණ්ඩුව දැඩි ලෙස විවේචනයට ලක් කරන්නෙකු ලෙස ප්‍රකට චීන ප්‍රකෝටිපතියෙකු අන්තර්ජාලය හරහා ඔහුගේ දහස් ගණන් අනුගාමිකයින්ගෙන් ලද ආයෝජන අරමුදල් වංචාවක් සම්බන්ධයෙන් චෝදනාවට ලක්ව ඇත.

බීජිං වලට විරුද්ධ  සහ හිටපු එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පරිපාලනය සමඟ සම්බන්ධකම් ඇති බවට ප්‍රකට චීන ප්‍රකෝටිපතියෙකු මෙලෙස චෝදනා තිබේ. ඔහු, ආයෝජකයින්ගෙන් ඩොලර් බිලියන 1ක් වංචා කළ බවට අමෙරිකාවේදී   චෝදනාවට ලක්ව ඇත.

ගුවෝ වෙන්ගුයි, ඔහුගේ දහස් ගණන් අනුගාමිකයින්ගෙන් අන්තර්ජාලය හරහා ලබාගත් ඩොලර් මිලියන සිය ගණනක් සාවද්‍ය පරිහරණයට ලක්කළ කුමන්ත්‍රණයක් සම්බන්ධයෙන් බදාදා නිව්යෝර්ක්හිදී අත්අඩංගුවට ගත් බව එක්සත් ජනපද අධිකරණ දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් කියා ඇත.

GTV Media Group නම් මාධ්‍ය සමාගම, G|CLUBS නමින් හැඳින්වෙන සුවිශේෂී සාමාජික එකතුව සහ Himalaya Coin නම් cryptocurrency සමාගම ඇතුළු ඔහුගේ ව්‍යාපාර ගණනාවකට පිටුබලය දීම සඳහා ප්‍රමාණයෙන් විශාල ප්‍රතිලාභ ලබාදෙන බවට පොරොන්දු වී ආයෝජකයින්ගෙන් ලබාගත් මුදල් වංචාවට ලක්කිරීම ගැන ඔහුට චෝදනා එල්ල වී තිබේ.