ඉම්රාන් ඛාන් අත්අඩංගුවට ගැනීමට පාකිස්ථාන පොලීසිය ගත් උත්සාහයක් දින ගණනාවක් ඇදී ගිය ගැටුමකට මුල්විය. ඛාන් දූෂණ චෝදනා මත උසාවියට නොපැමිණීම නිසා අත්අඩංගුවට ගැනීමට පොලීසිය එම ස්ථානයට පැමිණීමෙන් පසු අඟහරුවාදා ගැටුම් ඇති විය. මේ හේතුවෙන් ආරක්ෂක නිලධාරීන් සහ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ගේ ආධාරකරුවන් අතර ප්‍රචණ්ඩ ගැටුම් ඇති විය. හිටපු අගමැතිවරයාගේ ආධාරකරුවන් ගල්මුල් ප්‍රහාර එල්ල කර ඇත. ඉම්රාන් ඛාන් අත්අඩංගුවට ගැනීමට බලධාරීන් ගත් උත්සාහයන් දෙවැනි දිනය දක්වා දික් වූ පසු පාකිස්තාන පොලිසිය ඔහුගේ ලාහෝර් නිවස භූමියට කඳුළු ගෑස් ප්‍රහාර පවා එල්ල කළේය.
නැගෙනහිර නගරයේ ඇති වූ ප්‍රචණ්ඩ ක්‍රියාවලින් පොලිස් නිලධාරීන් 34 දෙනෙකුද ඇතුළුව, පුද්ගලයින් 69 දෙනෙක් තුවාල ලබා තිබුණි. ඛාන්ගේ නිවස තුළ සිටි පුද්ගලයින් තුවක්කුවලින් සන්නද්ධව සිටි බව පකිස්ථාන පොලිස් ආරංචි මාර්ග පැවසීය. නිවාස පරිශ්‍රය අවට ප්‍රචණ්ඩකාරී ගැටුම හේතුවෙන් ඔහු අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම අත්හිටුවන ලෙස පොලිසියට නියෝග කිරීමෙන් පසුව, හිටපු පකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් බදාදා ඔහුගේ ලාහෝර් නිවසින් පිටතට විත් සිය ආධාරකරුවන්ට ආචාර කළේය. ඛාන් ඔහුගේ නිවෙසින් පිටත රුස්ව සිටි අය සමඟ කතාකරන විට සහ ඡායාරෑප ගන්නා විට ගෑස් ආවරණයක් පැළඳ සිටින අයුරු එක් වීඩියෝවක සටහන් ගත වී ඇත.
පසුගිය අප්‍රේල් මාසයේ පැවැති පාර්ලිමේන්තු විශ්වාසභංගයකින් නෙරපා හරින ලද ඛාන්, එතැන් සිට වත්මන් රජයට එරෙහිව ජනප්‍රිය ව්‍යාපාරයක් මෙහෙයවීය, ඔහු තනතුරෙන් ඉවත් කිරීමට හමුදාව සමඟ හවුල් වූ බවට චෝදනා කළේය. එළඹෙන අප්‍රේල් මාසයේ පැවැත්වෙන අතුරු මැතිවරණයෙන් සහ ඔක්තෝම්බර් මාසයේදී පැවැත්වීමට නියමිත මහ මැතිවරණයෙන් ඔහු ඉවත් කිරීම සඳහා පාකිස්තාන බලධාරීන් තමන් අත්අඩංගුවට ගැනීමට උත්සාහ කළ බවට ඔහු චෝදනා කර තිබේ.